
Galveston (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
‘Galveston’ කියන්නේ රෝයි කේඩි කියන හිත් මාරයෙක්ගේ ජීවිතේ ගැන. පොරට දැනගන්න ලැබෙනවා තමන්ට තියෙන්නේ සීමිත කාලයක් විතරයි කියලා. ඒ අතරේම, බොස් පොරව මරන්න උපක්‍රමයක් ගහනවා.
රෝයිට මේ මර උගුලෙන් බේරෙන්න පුළුවන් වුණාට, එතනදි එයාට හම්බවෙනවා රොකී කියලා තරුණ ගෑනු ළමයෙක්. එයා තමයි බොස් විසින් අත්අඩංගුවේ තියාගෙන හිටියේ. මේ අවාසනාවන්ත තත්ත්වයෙන් බේරෙන්න රෝයිට සිද්ධ වෙනවා රොකීවත් අරගෙන ගල්වෙස්ටන් කියන නගරෙට පැනලා යන්න.
දැන් මේ දෙන්නාම තමන්ගේ අඳුරු අතීතයෙන් සහ පස්සෙන් එන අනතුරෙන් බේරෙන්න අරගල කරනවා.
මේ අවුල් සහගත ගමන අතරතුරදී, මේ දෙන්නා අතරේ අමුතු බැඳීමක් ඇතිවෙනවා. එයාලට සිද්ධ වෙනවා නොදන්නා අනාගතයක් වෙනුවෙන් විශ්වාසයක් තියන්න… හැබැයි එයාලව හොයාගෙන එන අනතුරු ලේසියෙන් එයාලට නිදහස් වෙන්න දෙන්නේ නැහැ.
අන්තිමට මේ අසරණ ජීවිත දෙකට මොකද වෙන්නේ?
ඒක දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා!
