Image Not Found

ඔයාලා දන්නවනේ, සමහර වෙලාවට පොඩි දේකින් පටන් ගන්න ප්‍රශ්න කොච්චර දුරදිග යනවද කියලා. මේ කතාවෙත් සිද්ධ වෙන්නේ ඒ වගේ දෙයක්.

මේකේ ප්‍රධාන චරිතේ තමයි ‘සැන්ඩ්‍රා’. එයා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක්. එයා ගොඩක් දුරබැහැර, හුදෙකලා කඳුකර ප්‍රදේශයක තියෙන තමන්ගේ ගෙදර තනිවෙලා ජීවත් වෙන්නේ, මෑතකදී එයාගේ අම්මා නැති වුණ නිසා.

දවසක් එයාට දකින්න ලැබෙනවා එයාගේ ඉඩමේ අවසර නැතුව වාහනයක් නවත්තලා තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ දඩයම්කරුවන් දෙන්නෙක්. ඉතින්, සැන්ඩ්‍රා ඒ අයට ගිහින් කතා කරනවා, ආයෙ එහෙම කරන්න එපා කියලා.

හැබැයි, මේ දඩයම්කරුවෝ එයා කියන දේ ගණන් ගන්නේ නැහැ. ඒ වෙනුවට, මේ ප්‍රශ්නය ටිකෙන් ටික ලොකු වෙලා, දෙපැත්ත අතරේ දරුණු ගැටුමක් දක්වා ඇදිලා යනවා.

සැන්ඩ්‍රා තමන්ගේ ඉඩමේ අයිතිය වෙනුවෙන් කරන මේ සටන, තමන්ගේම ජීවිතය අවදානමකට දාන තැනට ඇවිත් නවතින්නේ ඇයි? එයාගේ තරහා සහ වේදනාව මේ සීමාව පැනලා යන්නේ කොතැනටද? ඒක දැනගන්න ඔයාලට චිත්‍රපටය බලන්න වෙනවා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.