Image Not Found

Gunslingers (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව පටන් ගන්නේ තෝමස් කෙලර් කියලා මාරම භයානක ගැන්ස්ලින්ගර් කෙනෙක්ගෙන්. මේ මනුස්සයා තමයි ඒ කාලේ ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන අපරාධකාරයා වෙන්නේ. එයාගේ ඔළුවට දාලා තියෙන ත්‍යාගයත් පුදුම විදිහට ලොකුයි.

ඉතින්, මේ තෝමස් කෙලර් සැඟවිලා ඉන්නේ ‘රිඩෙම්ප්ෂන්’ (Redemption) කියලා පොඩි ටවුමක් ඇතුලේ. නමින් ‘රිඩෙම්ප්ෂන්’ වුණාට, ඇත්තටම එතන ඉන්න බොහෝ දෙනෙක් කලින් අපරාධකාරයෝ, නැත්නම් දඩුවම් ලැබූ අය. එයාලා හිතනවා දැන් එයාලට සාමකාමීව ඉන්න පුළුවන් කියලා.

ඒත් ඉතින්, කෙලර්ව හොයන ලේ පිපාසිත මැර කල්ලියක් ටික කාලෙකින් මේ ටවුමට කඩා වදිනවා. එයාලට ඕනේ කෙලර්ව අල්ලගෙන ලොකු ත්‍යාගය ගන්න.
මේ ගැටුම මධ්‍යයේ, ටවුමේ ඉන්න ‘බෙන්’ වගේ අමුතු චරිතත් තෝමස් කෙලර් එක්ක එකතු වෙනවා. ටවුමේ මිනිස්සුන්ට සාමකාමීව ඉන්න ඕනෙ නම්, කෙලර්ව එයාලට දෙන්න වෙනවා. එහෙම නැත්නම්, කෙලර්ට උදව් කරලා කට්ටිය එක්ක සටන් කරන්න වෙනවා.

දැන් බලන්න තියෙන්නේ මේ පොඩි ‘රිඩෙම්ප්ෂන්’ ටවුමට මොකද වෙන්නේ කියලා. කෙලර්ට එයාලගේ අතීතයට මුහුණ දෙන්න වෙයිද? එයාගේ පළිගැනීමේ දඩයම සාර්ථක වෙයිද? කුරිරු මැර කල්ලියට මුළු ටවුමම විනාශ කරන්න පුළුවන් වෙයිද? මේ සේරම වෙන්නේ වෙඩි උණ්ඩ වලින්, කුරිරුකම් වලින් පිරිච්ච බටහිර ලෝකයක.

කෙටියෙන් කිව්වොත්, මේක තෝමස් කෙලර්ගේ හිංසාකාරී අතීතය සහ ලේ පිපාසිත කණ්ඩායමක් අතර ඇතිවන මාරාන්තික සටනක්. බලමු කාටද අන්තිමට ජය ගන්න පුළුවන් වෙන්නේ කියලා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.