Image Not Found

Halloween: Resurrection (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ Rick Rosenthal. අපි කවුරුත් දන්න Jamie Lee Curtis වගේම, රැප් ගායක Busta Rhymes සහ Tyra Banks වගේ ජනප්‍රිය අයත් මේකේ රඟපානවා.

කතාව පටන් ගන්නේ පොඩි ෂොක් එකකින් වුණාට, ප්‍රධාන සිද්ධිය වෙන්නේ වෙන තැනක. කට්ටියක් එකතු වෙලා අලුත් විදියේ රියැලිටි ෂෝ (Reality Show) එකක් පටන් ගන්නවා. මේකේ නම “Dangertainment”. මේකේ තරඟකරුවන්ට කරන්න තියෙන්නේ අර දරුණු මිනීමරුවා, ඒ කියන්නේ මයිකල් මයර්ස්ගේ පරණ ගෙදර රෑක් ගත කරන එක.

වැඩේ කියන්නේ මේ හැමදේම කැමරා හයි කරලා ඉන්ටර්නෙට් එක හරහා මුළු ලෝකෙටම ලයිව් (Live) පෙන්නනවා. තරඟකරුවෝ හිතාගෙන ඉන්නේ මේ ගෙදර තියෙන හැම භයානක දෙයක්ම සංවිධායකයෝ විසින් සෙට් කරපු බොරු දේවල් කියලා.

හැබැයි ප්‍රශ්නේ වෙන්නේ, මයිකල් මයර්ස් ඇත්තටම එයාගේ ගෙදරට ආපහු එනකොටයි. දැන් අර කැමරා ඉස්සරහම මේ කට්ටියව දඩයම් කරන්න පටන් ගන්නවා. එළියේ ඉඳන් මේක බලන අය හිතන්නේ මේක රඟපෑමක් කියලා. හැබැයි ගෙදර ඇතුලේ වෙන්නේ ලොකු විනාශයක්.

මේ අහිංසක තරඟකරුවන්ට මයිකල් මයර්ස්ගෙන් බේරිලා එළියට එන්න පුළුවන් වෙයිද? අන්තිමට මොකද වෙන්නේ? කුතුහලයෙන් පිරුණු මේ ටික දැනගන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.