
“හැනිබල් රයිසින්” යනු ප්රසිද්ධ චරිතයක් වන හැනිබල් ලෙක්ටර්ගේ මුල් ජීවිතයේ කතාව පවසන ත්රාසජනක චිත්රපටයකි. මෙම චිත්රපටය ආරම්භ වන්නේ දෙවන ලෝක යුද්ධ සමයේදී ලිතුවේනියාවේ වන අතර, එහිදී හැනිබල් (ගැස්පාර්ඩ් උලියෙල්) ඔහුගේ දෙමාපියන් සහ බාල සොහොයුරිය වන මිෂා (හෙලේනා-ලියා ටචොව්ස්කා) සමඟ මාලිගාවක ජීවත් වේ.
කතාව ආරම්භ වන්නේ 1944 දී, හැනිබල්ගේ පවුල ජර්මානු හමුදා වලින් බේරීම සඳහා ඔවුන්ගේ දඩයම් නවාතැනේ රැකවරණය ලබන විටය. නමුත් අවාසනාවකට, ඔවුන්ගේ නවාතැනට ජර්මානු පලාගිය සෙබළුන් විසින් පහර දෙනු ලැබේ. මේ සොල්දාදුවන් හැනිබල්ගේ සහෝදරිය වන මිෂාව අල්ලාගෙන ඇයව මරා කනවා. මෙම බිහිසුණු සිදුවීම දකින හැනිබල්ගේ චිත්ත ධෛර්යය බිඳ වැටෙන අතර ඔහු දැඩි මානසික කම්පනයකට ගොදුරු වේ.
පසුව හැනිබල්ව සෝවියට් අනාථ නිවාසයකට යවනු ලබන අතර, එහිදී ඔහු ආසන්න වශයෙන් වසර අටක් ගොළුව සිටියි. පැන යාමෙන් පසු, ඔහු තම නැන්දණිය වන මුරසාකි ආර්යාව (ගොං ලී) සමඟ නැවතී සිටීමට ප්රංශයට යයි. ජපන් යුද්ධයෙන් දිවි ගලවා ගත් මුරසාකි ආර්යාව, හැනිබල්ට ඇගේ නිවසේ නවාතැන් සපයයි.