Image Not Found

Happily (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Happily” (2021) නියම තේරීමක්. මේක ටිකක් අමුතු විදියේ, ඩාර්ක් කොමඩි එකක් වගේම ත්‍රිලර් එකක්.

කතාවේ ඉන්නවා ජෝඩුවක්, ටොම් (Joel McHale) සහ ජැනට් (Kerry Bishé). මෙයාලා බැඳලා අවුරුදු 14ක් විතර වෙනවා, ඒත් පුදුම දේ කියන්නේ මෙයාලා තාමත් ඉන්නේ අලුත බැඳපු දෙන්නෙක් වගේ මාරම ආදරෙන්. එයාලට එකිනෙකාගෙන් අතක් අහකට ගන්න බෑ.
හැබැයි, මෙයාලගේ යාළුවන්ට නම් මෙයාලගේ මේ “පිරුණු සතුට” පොඩ්ඩක්වත් දිරවන්නේ නෑ. එයාලා හිතන්නේ මේක “නෝමල්” නෑ කියලා.

ඔන්න එක දවසක්, හරිම අමුතු, අභිරහස් මනුස්සයෙක් (Stephen Root) මෙයාලගේ ගෙදරට එනවා. ඇවිත් කියනවා, “ඔය දෙන්නගේ මේ සතුට කියන්නේ ‘සිස්ටම් එකේ වැරදීමක්’. මම ආවේ ඔයාලව අනිත් හැමෝම වගේ ‘සාමාන්‍ය’ තත්ත්වෙට ගේන්න බෙහෙතක් විදින්න.”
ඉතින් මේ ජෝඩුව බය වෙලා, ඒකට විරුද්ධ වෙනවා. එතන වෙන පොඩි පොරබැදීමකින් අර ආපු මනුස්සයා අතින් මැරෙනවා!

දැන් මෙයාලා මොකද කරන්නේ? එයාලා මිනිය හංගලා, අර මෙයාලගේ සතුටට ඉරිසියා කරන යාලුවොත් එක්ක ප්ලෑන් කරපු වීකෙන්ඩ් ට්‍රිප් එක යන්න තීරණය කරනවා. හිතන්නකෝ, මිනියත් කාර් එකේ ඩිකියේ තියාගෙන!

ට්‍රිප් එකේදී තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. එයාලා ‘නෝමල්’ විදිහට ඉන්න ට්‍රයි කරන ගමන්, එයාලට සැක හිතෙනවා අනිත් යාලුවොත් මේ අමුතු “සිස්ටම්” එකට සම්බන්ධද, නැත්නම් එයාලා ගැන දන්නවද කියලා. එතන ඉන්න හැමෝම මොකක්හරි හංගනවා වගේ තමයි පේන්නේ.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ BenDavid Grabinski විසින්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.