Image Not Found

Happy Halloween, Scooby-Doo! (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Happy Halloween, Scooby-Doo! කියන්නේ නියම හැලොවීන් පිස්සුවක්! Mystery Inc. කල්ලිය මේ පාර අල්ලගන්න යන්නේ වෙන කවුරුවත් නෙවෙයි, Arkham Asylum එකෙන් පැනපු පිස්සු විද්‍යාඥයෙක් වන ‘Scarecrow’ව. ඌ හැංගිලා ඉන්නේ Elvira ගේ Halloween Parade එකක.

හැබැයි, ඌ අහුවෙලා යද්දි එල්ල කරන අවසාන තර්ජනයක් නිසා, හැලොවීන් නියම අවුලක වැටෙනවා. කොහොමද දන්නවද?

විෂ සහිත ද්‍රව්‍ය ටිකක් පරණ බිය ගෑස් එක්ක මිශ්‍ර වෙලා නිකන්ම නිකන් වට්ටක්කා ගෙඩි ටිකක් හුඟක් භයානක ‘Jack-o’-Lantern’ රකුසන් බවට පත් වෙනවා!

මේ රකුසෝ Crystal Cove නගරය පුරා දුවනවා. මේක Scooby සහ Shaggy හිතුව තරම් ලේසි Mystery එකක් නෙවෙයි! මොකද මේ වට්ටක්කා රකුසන්ට තියෙන්නේ සාමාන්‍ය මොළයක් නෙවෙයි. මේවා පියාඹනවා, කඩා බිඳ දමනවා, සමහරවිට මිනිස්සුන්ව වුණත් ගිලගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ හැමදේටම නායකත්වය දෙන්නා වගේ ලොකුම වට්ටක්කා රකුසෙක් ඉන්නවා.

Velma සාමාන්‍ය විදිහට මේ හැමදේටම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් හොයන්න හදනවා. හැබැයි මේ පාර තත්වය හරිම අමුතුයි. මොකද මේ සිද්ධිවලට විද්‍යාවේ උත්තර නැති ගාණයි!
දැන් මේ කල්ලියට ලොකු අභියෝගයක්! එයාලට Bill Nye the Science Guy සහ Elvira, Mistress of the Dark ගෙන් උදව් ලැබෙනවා, නගරය බේරාගන්න, හැබැයි මුළු කතාවේම තියෙන අමුතුම දේ තමයි, මේ වට්ටක්කා ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ Scarecrow ද, එහෙමත් නැත්නම් තවත් කවුරුහරිද කියන එක!

කලින් අහුවුණු villain කෙනෙක්ව ආපහු මුණගැහිලා, ඒ වගේම Fred ට අලුත් ‘Mystery Machine X’ එකක් ලැබිලා, කට්ටියම පිස්සු හැදෙන Halloween Chase එකක යනවා.
ඇත්තටම මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කවුද? Scarecrow ද? නැත්නම් මේක ඊට වඩා ලොකු කුමන්ත්‍රණයක්ද? Scooby, Shaggy, Velma, Fred සහ Daphne ට මේ භයානක Jack-o’-Lantern රහස විසඳන්න පුළුවන් වෙයිද? බලලම දැනගන්න.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.