Image Not Found

Hari Hara Veera Mallu (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

තෙළිඟු සිනමාවේ “පවර් ස්ටාර්” පවන් කල්‍යාන්ගේ දැවැන්තම නිර්මාණයක් විදිහට Hari Hara Veera Mallu හඳුන්වන්න පුළුවන්. මේක 17 වැනි සියවසේ මූගල් අධිරාජ්‍යය පැවති කාලය පදනම් කරගෙන නිර්මාණය වුණු ඓතිහාසික කතාවක්. පවන් කල්‍යාන් මෙහි රඟපාන්නේ “වීර මල්ලු” කියන ජනප්‍රිය වීරයාගේ චරිතයයි. එයා නිකන්ම සටන්කාමියෙක් නෙවෙයි, අසාධාරණයට එරෙහිව නැගී සිටින, මීට කලින් කවුරුත් දැකපු නැති විදිහේ සොර දෙවියෙක් වගේ චරිතයක්.

මේ කතාවේ තියෙන සටන් දර්ශන සහ ඇඳුම් පැළඳුම් ඔයාලව අතීත කාලෙකට අරන් යනවා සුවර්. මූගල් පාලනයට එරෙහිව වීර මල්ලු කරන සටන සහ ඒ අතරතුර සිදුවන රහසිගත මෙහෙයුම් ගැන හරිම කුතුහලයකින් බලන්න පුළුවන්. මාලිගා ඇතුළේ සිදුවන කුමන්ත්‍රණ, මහා පරිමාණ යුද්ධ සහ වීරත්වය මේ හැමදේම මේ චිත්‍රපටිය ඇතුළේ තියෙනවා.

විශේෂයෙන්ම මේකේ තියෙන දෘශ්‍ය ප්‍රයෝග (VFX) ඉතාම උසස් මට්ටමක තියෙන බවයි ආරංචිය. ඉතිහාසය ගැන ලියවුණු කතා වලට ආස අයට සහ පවන් කල්‍යාන්ගේ රසිකයන්ට නම් මේක උත්සවයක් වගේ වෙයි. Hari Hara Veera Mallu 2025 බලන්න යනකොට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන යන්න පුළුවන්. වීර මල්ලු කොහොමද තමන්ගේ සතුරන්ව පරද්දන්නේ කියලා බලාගන්න අපි හැමෝම නොඉවසිල්ලෙන් ඉන්නේ.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download