Image Not Found

Hart’s War (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි

දෙවන ලෝක යුද්ධය අතරතුර, ලුතිනන් තෝමස් හාට් (Hart) ජර්මානුවන් අතට අසු වෙනවා. ඉතින්, ඔහුව යුද සිරකරුවන්ගේ කඳවුරකට (POW Camp) යවනවා. මේ කඳවුරේ ඉන්න ඇමරිකානු සිරකරුවන්ගේ නායකයා තමයි කර්නල් මැක්නමාරා (Colonel McNamara).

මැක්නමාරා, හාට්ව හලන්නේ සාමාන්‍ය සෙබළුන් ඉන්න බැරැක්කයට. හාට් කලින් නීති ශිෂ්‍යයෙක්. දවසක් මේ කඳවුරට කළු ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙක්ව ගෙන එනවා. මෙයාලා නිලධාරීන් වුනත්, මැක්නමාරා එයාලව දාන්නෙත් අර සෙබළුන්ගේම බැරැක්කයට.

ඊටපස්සේ, සුදු සෙබලෙක් මරලා දාලා තියෙනවා හම්බවෙනවා. කළු ජාතික ගුවන් නියමුවාට තමයි චෝදනාව එල්ල වෙන්නේ. ජර්මානු කඳවුරේ ප්‍රධානී, මේකට නීතිමය විභාගයක් කරන්න අවසර දෙනවා.

ඉතින්, මැක්නමාරා, හාට්ව පත් කරන්නේ මේ චෝදනා ලැබූ කළු ජාතික නියමුවාගේ නීතිඥයා විදිහට. මේ විභාගය පටන් ගන්නේ එතනින්.

හැබැයි… මේ නඩු විභාගය පිටිපස්සේ තියෙන්නේ වෙනමම කතාවක්.
ඇත්තටම මේ නඩු විභාගය කියන්නේ මුළු කඳවුරම සම්බන්ධ වෙන ලොකු රහසිගත මෙහෙයුමක් වහගන්න දාලා තියෙන මහා ව්‍යාජ තිරයක් විතරයි. මැක්නමාරාගේ සැබෑ සැලැස්ම මොකක්ද? හාට් මේ නඩුවෙන් ඇත්තටම කරන්න හදන්නේ මොකක්ද? මේ සියල්ල එළි වෙන්නේ කතාව අවසානයෙදි!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.