Image Not Found

Heist 88 (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හයිස්ට් 88 (2023)
අධ්‍යක්ෂණය: මෙන්හාජ් හුඩා (Menhaj Huda) ප්‍රධාන නළු නිළියන්: කෝට්නි බී. වෑන්ස් (ජෙරමි හෝර්න් ලෙස), කීත් ඩේවිඩ්, සහ කේෂා ෂාප් ඇතුළු පිරිසක්.

මේ කතාව පටන් ගන්නේ 1988 අවුරුද්දේ. අපේ කතා නායකයා තමයි ජෙරමි හෝර්න්. එයා බැංකු ක්ෂේත්‍රයේ ලොකුම වැඩ්ඩෙක් වගේම අපරාධ සැලසුම් කරන්නත් මාර මොළයක් තියෙන කෙනෙක්. මෙයාට ඕන වෙනවා ඇමරිකාවේ ලොකුම බැංකුවකින් ඩොලර් මිලියන 80ක් හොරකම් කරන්න. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි, මෙයා මේ වැඩේට තෝරගන්නේ දරුණු අපරාධකාරයෝ සෙට් එකක් නෙවෙයි. බැංකුවේම වැඩ කරන තරුණ, අහිංසක සේවකයෝ හතර දෙනෙක්ව.

ජෙරමි දන්නවා බැංකු සිස්ටම් එකේ තියෙන හිඩැස් මොනවද කියලා. ඒ වගේම එයා දන්නවා මේ තරුණ ළමයින්ට සල්ලි ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් එයා බොහොම සූක්ෂම විදිහට මේ කට්ටියව තමන්ගේ පැත්තට හරව ගන්නවා. කිසිම ආයුධයක් පාවිච්චි කරන්නේ නැතුව, තාක්ෂණය සහ මොළය පාවිච්චි කරලා කරන ලොකුම මංකොල්ලයක් විදිහට තමයි මේක ප්ලෑන් කරන්නේ.

ඔක්කොම සැලසුම් කරපු විදිහටම වෙයිද? නැත්නම් පොලිසියට මේ ගැන ඉව වැටෙයිද? බැංකුවේ ඉන්න මේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙයිද කියලා දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මේක ඇත්තටම සිද්ධ වුණු සිදුවීමක් පදනම් කරගෙන හදපු ෆිල්ම් එකක් නිසා කුතුහලය උපරිමයි!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.