
Hey Arnold! The Movie (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මුලින්ම පොඩ්ඩක් කස්ටිය ගැන කියන්නම්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tuck Tucker. අපේ ප්‍රධාන චරිතේ ආනෝල්ඩ්ට Spencer Klein ත්, හෙල්ගාට Francesca Marie Smith ත් හඬ කවනවා. Scheck කියන දුෂ්ටයාට හඬ දෙන්නේ Paul Sorvino.
ආනෝල්ඩ් සහ එයාගේ යාලුවො ඉන්න අසල්වැසි ප්‍රදේශයට (Neighborhood එකට) ලොකු අනතුරක් වෙනවා. Scheck කියලා ලොකු බලපුළුවන්කාර බිස්නස්කාරයෙක් හදන්නේ මේ පරණ ගෙවල් ඔක්කොම බුල්ඩෝසර් කරලා දාලා එතන ලොකු ෂොපින් මෝල් එකක් හදන්න. ඉතින් ආනෝල්ඩ්ගේ සීයා ඇතුළු හැමෝටම තමන්ගේ ගෙවල් දාලා යන්න සිද්ධ වෙන ලොකු ප්‍රශ්නයක් මේක.
හැබැයි ආනෝල්ඩ් කියන්නේ ලේසියෙන් වැඩේ අතාරින කෙනෙක් නෙවෙයිනේ. එයා එයාගේ හොඳම යාලුවා ජෙරල්ඩ් එක්ක එකතු වෙලා මේ විනාශය නවත්තන්න පාරට බහිනවා. මේ හරිය “ඓතිහාසික වටිනාකමක්” තියෙන තැනක් කියලා ඔප්පු කරන්න පුළුවන් ලියවිල්ලක් හොයාගන්න මෙයාලා මාර ගේමක් ගහනවා. මේ අස්සේ හෙල්ගාත් ආනෝල්ඩ්ට හොරෙන් (Deep Voice නමින්) මේකට උදව් කරනවා.
වෙලාව ටික ටික ගෙවීගෙන යනවා. බුල්ඩෝසර් ටික ගෙවල් කඩන්න ඔන්න මෙන්න තියෙන්නේ. ආනෝල්ඩ්ට පුළුවන් වෙයිද අර ලියවිල්ල හොයාගෙන වෙලාවට කලින් ඇවිත් තමන්ගේ ගෙවල් බේරගන්න? නැත්නම් Scheck දිනයිද? පොඩි ළමයින්ට විතරක් නෙවෙයි, කාටුන් වලට ආස ඕන කෙනෙක්ට කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්.
