
Home Alone 4: Taking Back the House (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔන්න ළමයිනේ, මේ කතාව ටිකක් වෙනස්. කෙවින්ගේ අම්මයි තාත්තයි වෙන්වෙන්න ලංවෙලා ඉන්නේ. ඉතින් තාත්තා එයාලගේ අලුත් ගර්ල්ෆ්රෙන්ඩ් නටාලි එක්ක තියෙන සුපිරි මන්දිරේ නත්තලට එන්න කියලා කෙවින්ට ආරාධනා කරනවා. අනික් අය බෑ කිව්වට, වැඩිමල් සහෝදරයා බස්ගේ කරදර එපා වෙලා කෙවින් යනවා.
නටාලිගේ මන්දිරේ Smart Home එකක්. ඒකේ හැමදේම වොයිස් කන්ට්රෝල්. කෙවින් මේ සුඛෝපභෝගී ජීවිතේ විඳින අතරේ තමා වැඩේ වෙන්නේ!
පරණ සතුරා මාව්, එයාගේ අලුත් බිරිඳ වෙරා එක්ක එකතු වෙලා, මේ මන්දිරේට එන රාජකීය පවුලේ කුමාරයෙක්ව පැහැරගන්න ප්ලෑන් කරනවා. හැබැයි, එයාලට ඇතුළෙන්ම උදව් කරන කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා කෙවින්ටවත්, ඔයාටවත් හිතාගන්න බැරිවෙයි!
කෙවින් තනියම කොච්චර කිව්වත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. ඉතින්, තමන්ගේ Smart ගෙදර ආයුධ කරගෙන, මේ හොරු දෙන්නා පරාද කරන්න කෙවින්ට සිද්ධ වෙනවා! කුමාරයාව බේරගන්න කෙවින්ට පුළුවන් වෙයිද? හොරුන්ට ඇතුලෙන් උදව් කරන්නේ කවුද? බලන්නකෝ එහෙනම් මේ පාර කෙවින්ගේ නත්තල් යුද්ධය!
