
How Much Do You Love Me? (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්නකෝ, ෆ්‍රන්සුවා කියලා සාමාන්‍ය ඔෆිස් එකක වැඩ කරන, ටිකක් තනියම ජීවත් වෙන මනුස්සයෙක් ඉන්නවා. පොරට හදවතේ ලෙඩකුත් තියෙනවා. දවසක මේ මනුස්සයට හිතාගන්නවත් බැරි ලොකු ලොතරැයියක් වදිනවා. කෝටිපතියෙක් වුණ ගමන් මූ මුලින්ම කරන්නේ හිතාගන්න බැරි වැඩක්.
මූ කෙලින්ම යන්නේ රෑ කඩයක් තියෙන පැත්තකට. එතනදී මූට සෙට් වෙනවා ඩැනියෙලා (මොනිකා බෙලුචි) කියලා පට්ට ලස්සන ගෑණු ළමයෙක්ව. ඩැනියෙලා කියන්නේ ගණිකාවක්. ෆ්‍රන්සුවා එයාට පිස්සු හැදෙන ඔෆර් එකක් දෙනවා. “මම ඔයාට මාසෙකට යුරෝ ලක්ෂයක් ගෙවන්නම්. මගේ ළඟ තියෙන සල්ලි ඔක්කොම ඉවර වෙනකම්, මගේ ගෙදර ඇවිත්, මගේ නෝනා වගේ මාත් එක්ක ජීවත් වෙන්න.”
ඩැනියෙලාටත් ඕන වෙලා තිබ්බේ එයාගේ දරුණු ගෑන්ස්ටර් කොල්ලා, චාලිගෙන් (ජෙරාඩ් ඩෙපාර්ඩියු) කොහොමහරි ගැලවෙන්න. ඉතින් එයා මේ ඩීල් එකට ‘හා’ කියනවා.
මුලදී හැමදේම සල්ලි වලට ගත්ත ගනුදෙනුවක් වුණාට, ෆ්‍රන්සුවා ඩැනියෙලාට ඇත්තටම ආදරේ කරන්න පටන් ගන්නවා. ඩොක්ටර්ස්ලා නම් කියලා තියෙන්නේ ෆ්‍රන්සුවාගේ ලෙඩ හදවතට මේ වගේ සතුටක්, විශේෂයෙන්ම ආදරයක් දරන්න බෑ කියලා. මේ ඔක්කොම මදිවට, ඩැනියෙලාගේ පරණ කොල්ලා චාලි, තමන්ගේ ‘බඩුව’ ආපහු හොයාගෙන එනවා. චාලි කියන්නේ සෙල්ලම් කරන්න හොඳ එකෙක් නෙවෙයි. දැන් මේ සල්ලි, ආදරේ, ලෙඩ හදවතයි මැරයෙකුයි… මේ ඔක්කොම කොහෙන් ගිහින් කොහෙන් නතර වෙයිද?
