Image Not Found

I Am Number Four (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයා සාමාන්‍ය කොල්ලෙක් වගේ පෙනුනට, ඔයා ඇත්තටම මේ ලෝකෙ කෙනෙක් නෙවෙයි. “ජෝන් ස්මිත්” කියන්නෙත් අන්න ඒ වගේ කෙනෙක්. එයා ඇත්තටම වෙන ග්‍රහලෝකෙකින් පැනලා ආපු නව දෙනෙක්ගෙන් එක්කෙනෙක්. එයාලගෙ ලෝකෙ විනාශ කරපු දරුණු සතුරෙක් (මොගඩෝරියන්ස්ලා) දැන් එයාලව හොයාගෙන පෘථිවියටත් ඇවිත්.

මේක නිකම්ම දඩයමක් නෙවෙයි. සතුරා මේ නව දෙනාව මරන්නෙ පිළිවෙලකට. නොම්බර එක, දෙක, තුන… එයාලා දැනටමත් ඉවරයි. ජෝන් තමයි “හතරවෙනියා” (Number Four).

ජෝන්, එයාගෙ ආරක්ෂකයා ‘හෙන්රි’ එක්ක නගරෙන් නගරෙට පැනලා යමින් හැංගි හැංගි ජීවත් වෙන්නෙ. අලුත් නගරෙකදි එයාට කෙල්ලෙක්ව (සාරා) හම්බවෙනවා, යාළුවෙක් (සෑම්) හම්බවෙනවා, ඒ වගේම එයාගෙ ඇදහගන්න බැරි විශේෂ බලයන් (Legacies) එළියට එන්න පටන් ගන්නවා.

එයාට සාමාන්‍ය ජීවිතයක් ඕන වුණාට, දඩයම්කාරයො එයාව හොයාගන්නවා. දැන් පැනලා දුවලා වැඩක් නෑ. නොම්බර හතරට එයාලට මුහුණ දෙන්නම වෙනවා. ඒත් එයා තනියම කොහොමද මේ දරුණු හමුදාවකට ගහන්නෙ? එයාට අනිත් අයව හොයාගන්න පුළුවන් වෙයිද? සටන පටන් ගත්තා විතරයි.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch