Image Not Found

I Can Only Imagine (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“I Can Only Imagine” (2018) කියන්නෙ නිකන්ම නිකන් ෆිල්ම් එකක් නෙවෙයි. මේක ඇත්තටම වෙච්ච සිද්ධියක්. ඔයා MercyMe කියන බෑන්ඩ් එක ගැන අහලා ඇති. අන්න ඒකෙ සින්දු කියන ප්‍රධාන ගායකයා, බාර්ට් මිලර්ඩ් (Bart Millard) ගැන තමයි කතාව. හැබැයි මේක එයා ස්ටාර් කෙනෙක් වුණ හැටි ගැන විතරක් නෙවෙයි.

කතාවෙ තියෙන්නෙ බාර්ට් සහ එයාගෙ තාත්තා (ආතර්) අතර තිබුණු හරිම සංකීර්ණ සම්බන්ධය ගැන. පොඩි කාලෙදි බාර්ට්ගෙ තාත්තා හරිම දරුණු කෙනෙක්. එයාගෙ මේ ප්‍රචණ්ඩත්වය නිසාම බාර්ට්ගෙ අම්මත් එයාලව දාලා යනවා. බාර්ට් හැම වෙලේම උත්සාහ කරන්නෙ තාත්තව සතුටු කරන්න, ඒත් ඒක කවදාවත් හරියන්නෙ නෑ.

මේ ප්‍රශ්න මැද්දෙ බාර්ට් සංගීතය තමන්ගෙ ගැලවීම කරගන්නවා. පස්සෙ කාලෙක එයා ගෙදරින් පැනලා ගිහින් බෑන්ඩ් එකක් පටන් ගන්නවා.

කතාවෙ නියම කුතුහලය තියෙන තැන එන්නෙ ඊට පස්සෙ. අවුරුදු ගාණකට පස්සෙ බාර්ට් ආයෙත් ගෙදර එනවා එයාගෙ තාත්තව මුණගැහෙන්න. ඒත් එයාට දකින්න ලැබෙන්නෙ එයා දාලා ගිය තාත්තව නෙවෙයි, සම්පූර්ණයෙන්ම වෙනස් වුණු කෙනෙක්ව. ඒ වෙනසට හේතුව මොකක්ද? බාර්ට්ට පුළුවන් වෙයිද එයාගෙ තාත්තට සමාව දෙන්න? ලෝකෙම කතා කරපු “I Can Only Imagine” කියන අර සුප්‍රසිද්ධ සින්දුව ලියවෙන්නෙ කොහොමද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

මේකෙ බාර්ට්ගෙ චරිතෙ කරන්නෙ J. Michael Finley. හැබැයි තාත්තා, ආතර් විදිහට සුපිරි රංගනයක් දෙනවා ප්‍රවීණ නළු Dennis Quaid. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ අර්වින් සහෝදරයෝ (Erwin Brothers).

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.