
I Origins (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ කතාව ඇත්තටම වෙනස් විදිහේ එකක්. මේක විද්‍යාවයි, විශ්වාසයයි අතර තියෙන හැප්පීමක් ගැන.
කතාවේ ප්‍රධාන චරිතේ තමයි ඉයන් ග්‍රේ, අණුක ජෛව විද්‍යාඥයෙක්. එයාගේ එකම පරමාර්ථය තමයි ඇහැ පරිණාමය වුණු හැටි විද්‍යාත්මකව ඔප්පු කරන එක. මොකද ඇස්වල තියෙන අද්විතීය රටාව, එයා හිතන විදිහට, “මැවුම්කරුවෙක්” ඉන්නවා කියන අදහසට තියෙන ලොකුම අභියෝගයක්.
එයාගේ ජීවිතේට එක පාරටම එනවා අමුතුම ඇස් දෙකක් තියෙන සෝෆී කියන තරුණිය. ඉයන් සම්පූර්ණයෙන්ම විද්‍යාව විතරක් විශ්වාස කරන කෙනෙක්. හැබැයි සෝෆී කියන්නේ ආත්මය, පුනරුත්පත්තිය වගේ දේවල් විශ්වාස කරන, හාත්පසින්ම වෙනස් කෙනෙක්. මේ දෙන්නාගේ අදහස් එකිනෙකට පරස්පර වුණත්, ඔවුන් එකිනෙකාට ආදරයෙන් බැඳෙනවා.
දවසක් හදිසි සිද්ධියක් නිසා මේ ආදර කතාවට බාධා වෙනවා. ඒත් අවුරුදු ගණනාවකට පස්සේ, ඉයන් සහ එයාගේ සහකාරිය කාරන් විසින් කරපු විද්‍යාත්මක සොයාගැනීමක් නිසා, ඇස්වල තියෙන රටා ගැන තවදුරටත් අභිරහස් මතුවෙන්න පටන් ගන්නවා.
මේ විද්‍යාත්මක දත්ත පස්සේ යන ඉයන්ට තේරෙනවා… එයා කලින් විශ්වාස කරපු විද්‍යාත්මක නීති රීතිවලින් එහාට ගිය අද්භූත දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා.
ඉතින්, මේ ඇස්වල තියෙන රහස මොකක්ද? විද්‍යාවට අභියෝග කරන්න තරම් බලයක් ඒ අභිරහසට තියෙනවාද? ඒක දැනගන්න ඔයාට චිත්‍රපටය බලන්නම වෙනවා.
