
I Still See You (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයාලා හිතන්න, අපේ ආදරණීයයෙක් මැරුණට පස්සෙත් එයාගේ රූපය හැමදාම එකම වෙලාවකට, එකම තැනකදී අපිට පේන්න ගන්නවා කියලා? හැබැයි ඒ අයට අපේ ලෝකයට බලපෑමක් කරන්න බැහැ, ඒ වගේම අපිටත් ඔවුන්ව අල්ලන්න බැහැ. මේවට කියන්නේ “Remnants” කියලා. මීට අවුරුදු දහයකට කලින් සිද්ධ වුණු මහා පිපිරීමකින් පස්සේ මුළු ලෝකයම මේ වගේ ආත්ම වලින් පිරිලා ඉන්නේ.
රොනී කියන්නේ මේ අමුතු ලෝකයේ ජීවත් වෙන තරුණියක්. හැමෝම හිතන්නේ මේ ආත්ම කියන්නේ නිකම්ම ඡායාවන් විතරයි කියලා. හැබැයි එක දවසක් රොනී තමන්ගේ නාන කාමරයේදී දකිනවා අලුත් ආත්මයක්. ඒ ආත්මය කලින් දැකපු ඒවට වඩා ගොඩක් වෙනස්. ඔහු රොනීට යම් අනතුරු ඇඟවීමක් කරන්න උත්සාහ කරනවා. මෙතනින් පස්සේ රොනී තේරුම් ගන්නවා මේ ඡායාවන් පිටුපස භයානක රහසක් තියෙනවා කියලා.
ඇයි මේ ආත්මය රොනීවම හඹා එන්නේ? ඇත්තටම මේ ආත්ම වලට අපේ ලෝකයට හානියක් කරන්න පුළුවන්ද? රොනී තමන්ගේ යාළුවෙක් එක්ක එකතු වෙලා මේ අභිරහස විසඳන්න යන ගමන හරිම භයානකයි. ඔයාලා සුපර්නැචුරල් ත්‍රිලර් වලට කැමති නම්, “I Still See You” කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්. අවසානය වෙනකම්ම කුතුහලය උපරිමයෙන්ම තියාගන්න මේ කතාව සමත් වෙනවා. රොනීට මේ මාරකයෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා බලන්නම වෙනවා.
