Image Not Found

I’ll Always Know What You Did Last Summer (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ජූලි 4 වෙනිදා පාටියකදී, කොලරාඩෝවල ඉන්න යාළුවෝ සෙට් එකක්—ඇම්බර්, කෝල්බි, සෝයි, රොජර් සහ පීජේ—පොඩි ආතල් එකක් ගන්න හිතනවා. එයාලා ‘මාළුකාරයා’ (The Fisherman) ගැන පරණ බය හිතෙන කතාවක් පාවිච්චි කරලා, නිකන් ‘ප්‍රෑන්ක්’ එකක් කරනවා.
හැබැයි මේ විහිළුව එයාලා හිතුවට වඩා දරුණු විදිහට වරදිනවා. මේ ප්‍රෑන්ක් එක නිසා ඇතිවෙන කලබගෑනියකදී, එයාලගෙම යාළුවෙක්, පීජේ, හදිසි අනතුරකින් මැරෙනවා.

කට්ටිය හොඳටම කලබල වෙනවා. එයාලා තීරණය කරනවා මේක ලොකු රහසක් විදිහට තියාගන්න. සාක්ෂි ඔක්කොම විනාශ කරලා, කවදාවත් මේ ගැන කතා නොකර ඉන්න දිවුරනවා.

හරියටම අවුරුද්දකට පස්සේ, ජූලි 4 වෙනිදා ළං වෙද්දී, ඇම්බර්ට අමුතු මැසේජ් එකක් එනවා: “ඔයා ගිය අවුරුද්දේ කරපු දේ මම දන්නවා.”

මුලින්ම හිතන්නේ කවුරුහරි විහිළු කරනවා කියලා. ඒත් ටික දවසකින්, වැහි කබායක් ඇඳගත්ත, අතේ ලොකු කොක්කක් තියෙන අභිරහස් කෙනෙක්, මේ රහස දන්න යාළුවෝ සෙට් එකව එකින් එකා දඩයම් කරන්න පටන් ගන්නවා.

එයාලා හිතුවේ ඒ කතාව ඉවරයි කියලා. ඒත් ඇත්තටම එදා රෑ වුණ දේ තව කවුරුහරි දැක්කද? මේ අලුත් මිනීමරුවා කවුද? බේරෙන්න නම්, එයාලට ඒ බිහිසුණු රහස ආයෙත් හාරඅවුස්සන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.