Image Not Found

In the Tall Grass (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක Netflix හරහා 2019 දි ආපු චිත්‍රපටයක්. සුප්‍රසිද්ධ ලේඛක Stephen King සහ එයාගේ පුතා Joe Hill ලියපු කතාවක් ඇසුරෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. අධ්‍යක්ෂණය කළේ Vincenzo Natali. අපි කවුරුත් දන්න “The Conjuring” චිත්‍රපට මාලාවේ ඉන්න Patrick Wilson වගේම Laysla De Oliveira මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවනවා.

කතා සාරාංශය: කතාව පටන් ගන්නේ කැල් (Cal) සහ එයාගේ ගැබිනි අක්කා බෙකී (Becky) කාර් එකෙන් යන දුර ගමනකින්. යන අතරමඟදි මෙයාලා පාර අයිනේ තියෙන පරණ පල්ලියක් ගාව වාහනේ නවත්තනවා. එතනම තියෙනවා අක්කර ගාණක් විහිදිලා ගිය අඩි 6-7ක් විතර උස මහා ඝන තණකොළ යායක්.

හදිසියේම මේ තණකොළ යාය ඇතුලෙන් පොඩි ළමයෙක් “මට උදව් කරන්න, මම අතරමං වෙලා” කියලා කෑගහන සද්දයක් මෙයාලට ඇහෙනවා. ඉතින් මේ අක්කයි මල්ලියයි දෙන්නා අර ළමයව බේරගන්න හිතාගෙන තණකොළ යාය ඇතුළට රිංගනවා.

හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නේ එතනින්. ඇතුළට ගියාට පස්සේ මෙයාලට ආපහු පාර හොයාගන්න බැරි වෙනවා විතරක් නෙවෙයි, විනාඩි ගාණක් ඇතුළත මේ දෙන්නා එකිනෙකාගෙන් අතරමං වෙනවා. කොච්චර ලඟින් කටහඬ ඇහුනත් දෙන්නට දෙන්නා මුණගැහෙන්න බෑ. මොකද මේ තණකොළ යාය නිකන් පණ තියෙන අද්භූත එකක් වගේ. ඒක ඇතුලේ වෙලාව යන විදිහ, පාරවල් වෙනස් වෙන විදිහ හරිම පුදුමයි.

ඉතින් ඇත්තටම අර ළමයා කවුද? එයා එතනට ආවේ කොහොමද? මේ තණකොළ යාය ඇතුලේ හැංගිලා තියෙන භයානක රහස මොකක්ද? මේ දෙන්නට ආපහු පණපිටින් එළියට එන්න පුළුවන් වෙයිද කියන කුතුහලය තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ. Psychological Horror කැමති අයට බලන්නම ඕන ෆිල්ම් එකක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.