
Incoming (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක 2018 වර්ෂයේ නිකුත් වුණු Action සහ Sci-Fi ගණයට අයිති වෙන චිත්‍රපටයක්. Eric Zaragoza තමයි අධ්‍යක්ෂකවරයා. විශේෂම දේ තමයි අපි කවුරුත් දන්න, සුපිරි සටන් නළුවෙක් වන Scott Adkins (බොයිකා) මේකේ ප්‍රධාන චරිතයකට පණ පෙවීම.
කතාව මොකක්ද? මචං, මේකේ කතාව පටන් ගන්නේ අභ්‍යවකාශයේ තියෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකින් (ISS). හැබැයි මේක සාමාන්‍ය මධ්‍යස්ථානයක් නෙවෙයි. මේක ඇත්තටම අභ්‍යවකාශයේ හදපු අතිශය රහසිගත “හිරගෙයක්”.
මේ හිරගෙදර දාලා ඉන්නේ ලෝකේ ඉන්න දරුණුම සහ භයානකම ත්‍රස්තවාදීන්ව. මොකද පෘථිවියේ කොහේ හිර කළත් මුන් පැන ගන්න නිසා, කාටවත් හොයාගන්න බැරි වෙන්න මේ කට්ටියව අභ්‍යවකාශයේ හිර කරලා තියෙන්නේ.
ඉතින් ඔහොම තියෙද්දි, මේ හිරගෙදර පාලනය කරන සිස්ටම් එකේ අවුලක් බලන්න සහ අලුත් හිරකාරයෝ වගයක් බාර දෙන්න ෂටල් එකක් එනවා. අන්න එතනදි තමයි වැඩේ පත්තු වෙන්නේ. මේක ඇතුලේ හිටපු “වුල්ෆ් පැක්” (Wolf Pack) කියලා කියන ත්‍රස්තවාදී කල්ලිය හිරෙන් එළියට පැන ගන්නවා. ඒ විතරක් නෙවෙයි, උන් මුළු ස්ටේෂන් එකම අත්පත් කර ගන්නවා.
දැන් තියෙන ලොකුම ප්‍රශ්නය උන් පැනලා යන එක නෙවෙයි. මේ ත්‍රස්තවාදීන් සැලසුම් කරන්නේ මේ මුළු අභ්‍යවකාශ මධ්‍යස්ථානයම මිසයිලයක් වගේ පාවිච්චි කරලා, කෙලින්ම මොස්කව් නගරයට කඩන් වැටෙන්න සලස්වන්නයි. එහෙම වුණොත් වෙන්න පුළුවන් විනාශය හිතාගන්නවත් බැහැ.
ඉතින් මේ අභ්‍යවකාශයේ තනි වෙලා ඉන්න ෂටල් එකේ ආපු නියමුවාට සහ එතන ඉන්න ඩොක්ටර්ට පුළුවන් වෙයිද මේ මහා විනාශය නවත්තන්න? මේ දරුණු ත්‍රස්තවාදීන් එක්ක ෆයිට් කරලා ඔවුන් කොහොමද මේ ගේම ගහන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. Action වලට ආස අයට නම් නියම ෆිල්ම් එකක්.
