
Intersect (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයා Sci-Fi, Horror පැත්තට කැමති කෙනෙක් නම්, මේ කියන්න යන්නේ ටිකක් ඔළුව අවුල් කරන, කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් ෆිල්ම් එකක් ගැන. මේක 2020 ආපු Intersect.
කතාව ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Gus Holwerda කියන කෙනා. ප්‍රධාන චරිත කරන්නේ Jason Spisak, Leeann Dearing සහ Abe Ruthless.
කතාව මෙහෙමයි. විශ්වවිද්‍යාලයක ඉන්න දක්ෂ තරුණ විද්‍යාඥයෝ තුන් දෙනෙක් (රයන්, කේට්ලින් සහ නේට්) එකතු වෙලා ටයිම් මැෂින් එකක් හදනවා. මුලින්ම පොඩි පොඩි දේවල් කාලය හරහා යවලා එයාලගේ පරීක්ෂණ සාර්ථක වෙනවා. ඒත්, කවදත් වගේ, වැඩේ වරදින්නේ එකපාරටම. මේ ටීම් එකේ ඉන්න නේට්, බීමතින් වගේ, තමන්ම මේ මැෂින් එක හරහා යන්න ට්‍රයි කරනවා. ප්‍රතිඵලය? එයා මැරෙනවා.
මෙතනින් තමයි කතාව ඇත්තටම පටන් ගන්නේ.
මේ සිද්ධියත් එක්ක, කතාවේ ප්‍රධාන චරිතය වෙන රයන්ට, එයාගේ පොඩි කාලේ මතක් වෙන්න ගන්නවා. එයාට පොඩි කාලේ ඉඳන්ම අනිත් අයට පේන්නේ නැති, අමුතු බිහිසුණු සත්තු වගේ දේවල් පෙනිලා තියෙනවා. එයාට තේරෙනවා, මේ ටයිම් මැෂින් එක හැදුවෙත්, එයාගේ අතීතයේ වුණු ඒ අමුතු දේවල් අතරත් මොකක්දෝ භයානක සම්බන්ධයක් තියෙනවා කියලා.
ඇත්තටම මේ ටයිම් මැෂින් එක එයාලා තනියම හදපුවාද? නැත්නම්, එයාලටත් නොදැනීම, වෙනත් ලෝකෙක ඉන්න අදෘශ්‍යමාන බලවේගයක්, එයාලව පාවිච්චි කරලා මේ මැෂින් එක හදව ගත්තාද? ඒ බලවේගවලට මොකක්ද උවමනා වෙලා තියෙන්නේ?
