Image Not Found

Irena’s Vow (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

දෙවැනි ලෝක යුද්ධය කාලේ හිටපු වීරයෝ ගැන අපි ඕනෑතරම් අහලා තියෙනවා. හැබැයි අරිනා ගුට් (Irena Gut) කියන්නේ කාන්තාවක් විදිහට අදහාගන්න බැරි තරම් ලොකු අවදානමක් ගත්ත කෙනෙක්. Irena’s Vow ෆිල්ම් එකෙන් පෙන්නන්නේ පෝලන්තයේ ඉපදුණු අරිනා, ජර්මානු හමුදා නිලධාරියෙකුගේ නිවසේ ගෘහ සේවිකාවක් විදිහට වැඩ කරන අතරතුර කරන භයානක මෙහෙයුමක් ගැනයි.

හිතන්න, ඔබ වැඩ කරන ගෙදර අයිතිකාරයා නාසි හමුදාවේ ලොක්කෙක්. ඔහු යුදෙව්වන්ව මරන්න සොයන කෙනෙක්. හැබැයි ඔබ ඒ ගෙදරම බිම් මහලේ යුදෙව්වන් දොළොස් දෙනෙක්ව හංගාගෙන ඉන්නවා කියලා. මේක නිකම්ම කතාවක් නෙවෙයි, ඇත්තටම වුණ දෙයක්. සෑම තත්පරයකම අරිනා ඉන්නේ මරණය අද්දර. පොඩි හරි වැරදීමක් වුණොත් අරිනා විතරක් නෙවෙයි, ඇය ආරක්ෂා කරන හැමෝම මිය යනවා.

නාසි නිලධාරියාට හොරෙන් මේ මිනිස්සුන්ට කෑම දෙන්නේ කොහොමද? ඔවුන්ව රහසක් විදිහට තියාගන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ යුදෙව් කණ්ඩායම ඇතුළේ ඇතිවෙන ප්‍රශ්න එක්ක අරිනා කොහොමද මේ පීඩනය දරාගන්නේ? මේක බලද්දී ඔයාලගේ ඇඟ හීතල වෙලා යයි. මනුස්සකම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියපු ගැහැනියකගේ අසමසම ධෛර්යය ගැන දැනගන්න මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න. අවසාන මොහොතේ ඇයට ගන්න වෙන තීරණය ඔයාලව පුදුම කරවයි.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download