
Iron Sky: The Coming Race (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි
“Iron Sky: The Coming Race” (2019) කියන්නේ නම් පට්ට අමුතු, ඒ වගේම “මේ මොකක්ද මේ” කියලා හිතෙන, ඒත් පට්ට ආතල් කතාවක් තියෙන ෆිල්ම් එකක්.
කතාව මතකද අර මුල් ෆිල්ම් එකේ (Iron Sky) නාසීන් හඳේ ඉඳන් ආපු එක? හරි. මේක ඒකේ දිගහැරුම. දැන් පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. මිනිස්සු ටික දෙනෙක් අර හඳේ තිබ්බ පරණ නාසි බේස් එකේ (Neomenia) යන්තම් ජීවත් වෙනවා. ඒත් ඒකත් දැන් කඩන් වැටෙන්න ලඟයි.
ඉතින්, මේ අයට එකම විසඳුමක් තියෙනවා: පෘථිවියේ “මැදට” යන එක. ඔව්, හරියටම කිව්වොත් “හිස් පොළොව” (Hollow Earth) කියන තැනකට යන එක.
මේ කට්ටිය එතනට ගියාම තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. ඒක ඇතුළේ තියෙන්නේ නිකම්ම ලෝකයක් නෙවෙයි. ඩයිනසෝරයෝ ඉන්න, ප්‍රාග් ඓතිහාසික ලෝකයක්! ඒක පාලනය කරන්නේ ‘ව්රිල්’ (Vril) කියන, ඕනෑම රූපයක් ගන්න පුළුවන් අමුතු සත්ව කොට්ඨාසයක්. පුදුම දේ කියන්නේ, මේ අයගේ ලීඩර්ලා අතරේ හිට්ලර්, ස්ටාලින් වගේ පරණ ප්‍රසිද්ධ දුෂ්ඨයොත් ඉන්නවා. (හිට්ලර් ඩයිනසෝරයෙක් පිට යන සීන් එකක් එහෙමත් තියෙනවා!)
දැන් අපේ කතා නායිකාවට (Obi) සිද්ධ වෙනවා මේ අයත් එක්ක සටන් කරලා, මනුෂ්‍ය වර්ගයා බේරගන්න පුළුවන් අමුතු බලයක් (Holy Grail) හොයන්න. ඒක ලේසි ගමනක් වෙන්නේ නම් නෑ.
ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Timo Vuorensola. ප්‍රධාන චරිත කරන්නේ Lara Rossi (Obi), Vladimir Burlakov (Sasha) සහ Udo Kier (එයා මේකෙත් ඉන්නවා).
