Image Not Found

Isolated (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ චිත්‍රපටයේ නම වගේම කතාවත් හරිම “Isolated” (හුදකලා) අත්දැකීමක්. කතාව පටන් ගන්නේ ප්‍රධාන චරිතය කිසිම මිනිස් වාසයක් නැති, තාක්ෂණයෙන් වෙන් වුණු තැනක තනි වීමෙන්. හැබැයි එයා එතන තනිවෙලා නැහැ කියලා එයාට ඉක්මනින්ම තේරෙනවා. කවුරු හරි කෙනෙක් හෝ මොකක් හරි දෙයක් අඳුරේ ඉඳන් එයා දිහා බලාගෙන ඉන්නවා. කිසිම උදව්වක් නැති, පලා යන්න විදියක් නැති මේ පරිසරයේ ජීවිතයත් මරණයත් අතර සටනක් තමයි මේකේ තියෙන්නේ.

අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයාගේ මනසත් එක්ක ලොකු සෙල්ලමක් කරනවා. මොකද අපිටත් හිතෙනවා ඒ ඉන්නේ ඇත්තම කෙනෙක්ද නැත්නම් ප්‍රධාන චරිතයේ මායාවක්ද කියලා. නිශ්ශබ්දතාවය කොයිතරම් බය හිතෙන දෙයක්ද කියලා මේ චිත්‍රපටය බලද්දී ඔයාට තේරෙයි. කිසිම සද්දයක් නැතිව, රූප රාමු වලින් විතරක් කුතුහලය උපරිමයට ගේන්න මේකට පුළුවන් වෙලා තියෙනවා. තනි වුණාම දැනෙන ඒ අමුතුම බය අත්විඳින්න කැමති නම් “Isolated” අනිවාර්යයෙන්ම බලන්න. අවසානයේ වෙන්නේ කවුරුත් බලාපොරොත්තු නොවන දෙයක්!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch