Image Not Found

Jason X (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක පටන් ගන්නේ ජේසන් වූර්හීස්ව (Jason Voorhees) අල්ලගෙන ඉන්න රජයේ පර්යේෂණාගාරයකින්. ජේසන් කියන්නේ ඉතින් කවදාවත් නොමැරෙන මිනීමරුවෙක්නේ. ඒක නිසා මේ අය හදන්නේ කොහොම හරි ඌව නැති කරන්න.

ඒත් ඉතින් හැමදාම වගේ වැඩේ අවුල් යනවා. ජේසන් ආයෙත් අවදි වෙලා එතන ඉන්න හැමෝවම මරන්න පටන් ගන්නවා. ඔය අතරේ ඉන්නවා විද්‍යාඥවරියක්, එයා අන්තිමේදී හරිම දරුණු තීරණයක් අරගෙන ජේසන්වත් එයාවත් අයිස් කරලා (cryogenically freeze) දානවා.
ඊට පස්සේ… ටක් ගාලා අවුරුදු 400ක් එහාට යනවා. පෘථිවිය විනාශ වෙලා, අලුත් ලෝකයක් හැදිලා. අභ්‍යවකාශ යානයකින් එන ගවේෂක කණ්ඩායමක් විසින් අර අයිස් වෙලා හිටපු දෙන්නාව හොයාගෙන එයාලගේ යානයට ගේනවා.

අන්න එතකොට තමයි ආයෙත් අවුල පටන් ගන්නේ. අර කවුරුවත් මැරෙන්නේ නැති මිනීමරුවා ආයෙත් අවදි වෙනවා. ඒකත් සාමාන්‍ය විදිහට නෙවෙයි, ටිකක් “upgrade” වෙලා, අලුත් පෙනුමකින්! ඌ ආයෙත් පටන් ගන්නවා… මේ අභ්‍යවකාශ යානයේ ඉන්න හැමෝවම දඩයම් කරන්න.

දැන් තියෙන ප්‍රශ්නය මේ අනාගතයේ තාක්ෂණයටවත් මේ අජරාමර මිනීමරුවාව නවත්තන්න පුලුවන් වෙයිද කියන එකයි! එච්චරයි කතාව!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.