Image Not Found

Jeepers Creepers 2 (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Jeepers Creepers 2” පටන් ගන්නේ කෙලින්ම ඇක්ෂන් එකෙන්. පළවෙනි එකේ වගේම, හැම අවුරුදු 23කට වතාවක් දවස් 23ක් මිනිස්සු දඩයම් කරන ‘ක්‍රීපර්’ කියන භයානක සතාගේ කතාව තමයි මේ. හැබැයි මේ පාර එයාගේ දඩයම් කාලේ අන්තිම දවස. ඉතින් එයා ඉන්නේ මාර බඩගින්නකින් වගේම හදිසියකින්.

මේ පාර එයාගේ ගොදුරු වෙන්නේ, හයිස්කූල් එකක බාස්කට්බෝල් ටීම් එකක්. මැච් එකක් දිනලා මේ කොල්ලෝ ටිකයි, චියර්ලීඩර්ස්ලයි එයාලගේ ටීචර්ස්ලයි බස් එකක ගෙදර එන ගමන් ඉන්නේ. හැමෝම ඉන්නේ මාර සතුටින්.

ඒත් එකපාරටම බස් එකේ ටයර් එකක් පුපුරනවා. ඊටපස්සේ තව එකක්. බලනකොට මේක නිකන්ම වුණු දෙයක් නෙවෙයි. කවුරුහරි හිතාමතා කරපු දෙයක්. බස් එක හිරවෙන්නේ පාලු පාරක. වටේ පිටේ කිසිම කෙනෙක් නෑ.

ඉරත් බහිනවා. අඳුරත් එක්ක එළියට එන්නේ ක්‍රීපර්. එයා බස් එකට කොටු වුණු මේ ළමයින්ව එකින් එකා අරන් යන්න පටන් ගන්නවා. බස් එක ඇතුළේ ළමයි බයෙන් කෑ ගහනවා. සමහරු බේරෙන්න ප්ලෑන් ගහනවා, තවත් සමහරු රණ්ඩු වෙනවා.

ක්‍රීපර්ට ඕනේ එළිවෙන්න කලින් එයාගේ කෑම එක සම්පූර්ණ කරගන්න. බස් එකේ ඉන්න අයට ඕනේ කොහොමහරි එළිවෙනකම් ජීවත් වෙන්න. මේ සටනින් කවුරු දිනයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.