
Joseph: King of Dreams (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ජෝසප්ගේ කතාව. එයා “ආශ්චර්යමත් දරුවෙක්”. එයාට පුදුම හැකියාවක් තියෙනවා—පේන හීනවල තේරුම හරියටම කියන්න. ජෝසප්ගේ තාත්තා, ජාකොබ්, එයාගේ අනිත් පුත්තු ඔක්කොටම වඩා ආදරේ කරන්නේ ජෝසප්ට. ඒ ආදරේට එයා ජෝසප්ට පාට පාට ලස්සන කබායකුත් (coat) තෑගි දෙනවා.
හැබැයි මේ නිසාම, ජෝසප්ගේම අයියලා දස දෙනා එයාත් එක්ක මාර ඉරිසියාවකින් ඉන්නේ. මේ ඉරිසියාව කොච්චර දරුණු වෙනවාද කියනවා නම්, එයාලා එයාව අල්ලලා, වහලෙක් විදියට ඈත ඊජිප්තුවට විකුණලා දානවා.
ඊජිප්තුවේදී ජෝසප්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා. එයා මුලින්ම ලොකු ගෙදරක වහල් සේවකයෙක් වෙනවා. පස්සේ බොරු චෝදනාවකට අහුවෙලා හිරේටත් වැටෙනවා.
ජීවිතේම ඉවරයි කියලා හිතෙන තැනදී, ජෝසප්ට උදව්වට එන්නේ අර එයාගේ හීන තේරුම් කිරීමේ හැකියාව. ඊජිප්තුවේ පාරාවෝ රජතුමා දකින බය හිතෙන හීන සෙට් එකක් තේරුම් කරන්න පුළුවන් වෙන්නේ ජෝසප්ට විතරයි.
මේ හීනයේ තේරුම නිසා එයා ඊජිප්තුවේම බලවත්ම කෙනෙක් බවට පත්වුණොත්? නියඟයක් ඇවිත්, කෑම හොයාගෙන එන තමන්ගේම සහෝදරයන්ව එයාට ආයෙත් මුණගැහුණොත්? එයා එයාලගෙන් පළිගනීවිද?
