
K-PAX (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ කතාව ටිකක් අමුතුයි. මේක පටන් ගන්නේ, කවදා හෝ අහසින් පාත් වුනා වගේ, ප්රෝට් (Prot) කියලා අමුතු මනුස්සයෙක් මානසික රෝහලකට එන තැනින්.
මොහු කියන්නේ තමන් K-PAX නම් ග්රහලෝකයකින් ආපු පිටසක්වළ ජීවියෙක් කියලා.
ඉතින්, ඔහුගේ වෛද්‍යවරයා වෙන ඩොක්ටර් මාර්ක් පවෙල් (Dr. Mark Powell) උත්සාහ කරන්නේ මේක මානසික රෝගයක්ද, නැත්නම් ඇත්තක්ද කියලා හොයන්න.
ප්රෝට්, K-PAX ග්‍රහලෝකය ගැන කියන විස්තර, ඔහුගේ අසාමාන්‍ය දැනුම, ඒ වගේම රෝහලේ ඉන්න අනිත් රෝගීන් එක්ක ඔහු හැසිරෙන විදිය නිසා ඩොක්ටර් පවෙල්ට පවා සැක හිතෙනවා.
ඇත්තටම මේ මනුස්සයා පිටසක්වළ ජීවියෙක්ද?
ඩොක්ටර් පවෙල්, ප්රෝට්ගේ අතීතය හොයන්න පටන් ගන්නවා. එතකොට ඔහුට දැනගන්න ලැබෙනවා, ප්රෝට් කියන්නේ බිරිඳ සහ දියණිය මරා දැමීමෙන් පසු දැඩි කම්පනයට පත් වූ රොබට් පෝටර් (Robert Porter) කියන මනුස්සයගේ වෙනස්ම ස්වරූපයක් වෙන්න පුළුවන් කියලා.
නමුත් ප්රෝට් කියනවා, නියමිත දවසට ඔහු නැවත K-PAX වෙත යනවා කියලා. ඒ වගේම එක් අයෙක්ව ඔහු එක්ක එක්කන් යනවා කියලත් පොරොන්දු වෙනවා.
අවසානයේදී, ප්රෝට් යන දවස එළඹෙනවා. ඔහු ඇත්තටම K-PAX වලින් ආපු කෙනෙක්ද? එහෙම නැත්නම් කම්පනයට පත් වුණු මනුස්සයෙක්ගේ මානසික තත්වයක්ද?
උත්තරය හොයාගන්න, ඔයාටම චිත්‍රපටය බලන්න වෙනවා!
