
Kill Switch (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
‘Kill Switch’ (2017) කියන්නේ පට්ට Sci-Fi Action එකක්. මේකේ තියෙන විශේෂම දේ තමයි, ෆිල්ම් එකේ ගොඩක් දර්ශන යන්නේ ප්‍රධාන චරිතය දකින විදිහටමයි (First-Person), හරියට අපි වීඩියෝ ගේම් එකක් ගහනවා වගේ.
කතාව මෙහෙමයි. හිතන්නකෝ ලොකු බලශක්ති සමාගමක් තියෙනවා, එයාලා අලුත් ටවර් එකක් හදනවා අසීමිත, පිරිසිදු බලශක්තියක් හදන්න. හැබැයි මේ පවර් එක එයාලා ගන්නේ අපේ ලෝකෙට සමාන්තරව තියෙන තව ලෝකෙකින් (ඒකට කියන්නේ ‘Echo’ කියලා).
විල් පෝටර් (මේ චරිතෙ කරන්නේ ඩෑන් ස්ටීවන්ස්) කියන හිටපු හමුදා නියමුවාව තමයි මේ වැඩේට යොදවන්නේ. ඒත් ටෙස්ට් එක දුවවපු ගමන් වැඩේ වරදිනවා. අර සමාන්තර ලෝකෙ (Echo) විනාශ වෙන්න පටන් ගන්නවා. ඒකේ බලපෑම අපේ ලෝකෙටත් එනවා. ලෝක දෙකම කඩා වැටෙන්න ඔන්න මෙන්න.
දැන් විල්ට තියෙනවා ලොකු මිෂන් එකක්. එයාට ‘කිල් ස්විච්’ (Kill Switch) එකක් දීලා අර විනාශ වුණු අනිත් ලෝකෙට යවනවා, ටවර් එක නවත්තලා ලෝක දෙකම බේරගන්න.
ඒත් එයා එහෙට ගියාම තමයි තේරුම් ගන්නේ, එයාට කියපු කතාව නෙවෙයි ඇත්ත කතාව කියලා. එයාට එහේදී ඩ්‍රෝන යානා එක්කත් ෆයිට් කරන්න වෙනවා. මේ ‘කිල් ස්විච්’ එක ඇත්තටම මොකක්ද? එයාට ලෝක දෙකම බේරගන්න පුළුවන් වෙයිද? ඔන්න ඕක තමයි කතාව.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ටිම් ස්මිට් (Tim Smit). ප්‍රධාන නළුවා ඩෑන් ස්ටීවන්ස් (Dan Stevens), එයා එක්ක බේරෙනීස් මාලෝ (Bérénice Marlohe) ත් රඟපානවා.
