
King of Killers (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේකේ ප්‍රධාන චරිතේ තමයි මාකස් ගරාන් කියන මනුස්සයා. එයා කලින් ලෝකෙම ඉන්න දක්ෂම ‘හිට්මන්’ කෙනෙක්. හැබැයි එයාගේ බිරිඳ නැති වුණාට පස්සේ වැඩේ අත් ඇරලා දුවත් එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙන්න හදනවා.
හැබැයි මෙන්න මේ වෙලාවේ තමයි දුවට ලොකු ලෙඩක් හැදිලා, ඒකට ගොඩක් සල්ලි ඕන වෙන්නේ.
දැන් මාකස්ට ආයෙත් ආයුධ අතට ගන්න වෙනවා. එයාට රුපියල් මිලියන 10ක කොන්ත්‍රාත්තුවක් එනවා. ඒ තමයි ජෝර්ග් ඩ්‍රාකෝස් කියන, මුළු ලෝකෙම භයානකම ඝාතකයා මරන්න ඕන.
ඉතින් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන මාකස් ජපානෙට යනවා වැඩේට. හැබැයි එයාට තේරෙනවා මේක සාමාන්‍ය ‘කිල්’ එකක් නෙවෙයි කියලා.
මොකද, ඩ්‍රාකෝස්ව මරන්න මාකස් වගේම තවත් ලෝකෙම ඉන්න දක්ෂම ඝාතකයෝ කිහිප දෙනෙක්ම එක තැනකට ගෙන්නලා.
ඇයි ඩ්‍රාකෝස් මේ හැමෝටම එයාගේම ජීවිතේ උඩ තියලා තරඟයක් දෙන්නේ? ඇත්තටම ඩ්‍රාකෝස් මේ හැමෝවම එයා ළඟට ගෙන්නුවේ ‘කිලර්ලගේ රජු’ කවුද කියලා බලන්නද? එහෙමත් නැත්නම් තවත් ලොකු රහසක් මේ පිටිපස්සේ තියෙනවද?
මාකස් මේ මාරාන්තික ක්‍රීඩාවෙන් දිනලා, දුවව බේරගන්න සල්ලි හොයාගනීද? එයාට ඩ්‍රාකෝස්ව මරන්න පුළුවන් වෙයිද? නැත්නම් එයාම මේ ගේම් එකේ ගොදුරක් වෙලා ඉවර වෙයිද?
