
Klaus (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කතාව පටන් ගන්නේ ජෙස්පර් (Jesper) කියන පොඩි වැඩකටවත් නැති, නාස්තිකාර කොල්ලෙක්ගෙන්. ඌට එයාගේ තාත්තා තර්ජනය කරනවා: එක්කෝ දූරස්ථ, සීතල ස්මීර්න්ස්බර්ග් (Smeerensburg) කියන නගරෙට ගිහින් අවුරුද්දක් ඇතුළත ලියුම් 6000ක් බෙදාහරිනවා, නැත්නම් දේපළවලින් කපා හරිනවා.
ජෙස්පර් එහේ ගියාම තමා දකින්නේ, ඒක ලියුම් ලියන්න තියා කතා බහ කරන්නවත් අකමැති, පරම්පරා ගාණක් තිස්සේ වලියක් ඇදගෙන යන පවුල් දෙකක සෙට් එකක් ජීවත් වෙන දරුණු තැනක් කියලා. ඌට වැඩේ අමාරුම අමාරුයි.
ඔහොම ඉන්නකොට තමා ඌට හම්බවෙන්නේ නගරෙන් පිටත තනියම ජීවත් වෙන, සෙල්ලම් බඩු හදන අමුතුම මිනිහෙක් – ඒ තමා ක්ලවුස් (Klaus).
ජෙස්පර්ට මුලින්ම ඕන වුණේ මේ මිනිහව පාවිච්චි කරලා කොහොම හරි තමන්ගේ ලියුම් ගණන හදාගෙන ආපහු යන්න. ඌ දරුවන්ව පොළඹවනවා සෙල්ලම් බඩු ඉල්ලලා ක්ලවුස්ට ලියුම් ලියන්න කියලා.
මේ “දුන්නොත් විතරක් ලියුම්” ස්කීම් එක වැඩ කරන්න ගත්තාම… මේ මුළු නගරේම වෙනස් වෙන්න පටන් ගන්නවා. ලියුම්, තෑගි, කරුණාවන්තකම නිසා මිනිස්සුන්ගේ හිතවත්කම් වැඩෙන්න ගන්නවා.
ඒත් මේ පවුල් දෙකේ ලොක්කන්ට ඕන මේ හැමදේම නවත්තලා ආපහු පරණ වලිය පටන් ගන්න.
ඉතිං බලමු ජෙස්පර්ට ක්ලවුස් එක්ක එකතු වෙලා මේ නගරේ සදාකාලිකවම වෙනස් කරන්න පුළුවන් වෙයිද කියලා. ආ… ඒ වගේම නත්තල කියන සුන්දරේ පටන් ගන්නේ කොහොමද කියලත් බලන්න පුළුවන්.
