Image Not Found

Land of the Dead (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ජීවත් වෙන මිනිස්සු ටිකක් එකතු වෙලා එක නගරයක් වට කරගෙන ආරක්ෂා වෙලා ඉන්නවා. නගරය ඇතුළේ ධනවතුන් ඉන්නවා ලොකුම සුපිරි ගොඩනැගිල්ලක. ඒත් සාමාන්‍ය මිනිස්සු ඉන්නේ එලියට වෙන්න හරිම අමාරුවෙන්.

මේ නගරේ ආරක්ෂාවට ඉන්න කණ්ඩායමක්, ‘Dead Reckoning’ කියන සන්නාහ සන්නද්ධ වාහනය පාවිච්චි කරලා, නගරෙන් එළියට ගිහින් අවශ්‍ය බඩු බාහිරාදිය හොයාගෙන එනවා. මේ කණ්ඩායමේ නායකයා තමයි රයිලි (Riley).

නමුත් මේ අතරේ සොම්බිලට මොකක්දෝ වෙනසක් වෙන්න පටන් අරන්. ඔවුන්ට ටික ටික බුද්ධියක් එනවා වගේ පේනවා. විශේෂයෙන්ම ‘Big Daddy’ කියන සොම්බි කෙනෙක් එයාලට නායකත්වය දෙනවා.

දැන් තියෙන ලොකුම ප්‍රශ්නය මේකයි: නගරයේ පාලකයා වන Kaufman ට එරෙහිව නැගිටිනවා රයිලිගේ දෙවැනියා වුනු චෝලෝ (Cholo). ඔහු ‘Dead Reckoning’ වාහනයත් අරගෙන ගොඩනැගිල්ලට මිසයිල ගහන බවට තර්ජනය කරනවා. Kaufman රයිලිට කියනවා වාහනය ආපහු ගන්න කියලා.

ඒත් ඒ අතරේ බුද්ධිමත් වෙමින් ඉන්න සොම්බි කණ්ඩායම නගරයේ ආරක්ෂක වැට කඩාගෙන ඇතුළට එන්න පටන් ගන්නවා… මේ විනාශයෙන් බේරෙන්න මිනිස්සුන්ට පුළුවන් වෙයිද? සොම්බිලගේ මේ අලුත් වෙනසින් මොනවා වෙයිද? ඔයාලම බලන්න.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.