Last Looks (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Image Not Found

Last Looks (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපි කතාව මෙහෙම පටන් ගමුකෝ. චාලි වෝල්ඩෝ කියන්නේ පොලිසියෙන් අයින් වෙලා, සරලව, තනියම කැලේ ජීවත් වෙන සුපිරි හිටපු පොලිස් නිලධාරියෙක්. එයා දැන් ඉන්නේ ලෝකෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා.

හැබැයි ඉතින් එයාගේ ඒ නිස්කලංක ජීවිතේ වැඩි කල් තිබුණේ නැහැ.
හොලිවුඩයේ ජනප්‍රිය, හැබැයි නිතරම බීගෙන ඉන්න නළුවෙක් වන ඇලිස්ටෙයාර් පින්ච්ගේ (Alistair Pinch) බිරිඳව මරලා දානවා. මේ මිනීමැරුමට ප්‍රධාන සැකකරු වෙන්නේ ඇලිස්ටෙයාර්.

මෙතනදී, මේ කේස් එක විසඳන්න චාලිව නැවත ලොස් ඇන්ජලීස් වලට කැඳවා ගන්නවා.
චාලිට මුලදී මේකට කැමැත්තක් නැහැ. එයාට ඕනේ තනියම ඉන්න.
හැබැයි එයාගේ හිටපු පෙම්වතිය වන ලොරේනා අතුරුදහන් වුණාට පස්සේ එයාට සිද්ධ වෙනවා මේ කේස් එක බාර ගන්න. එතකොට තමයි, චාලි සෑහෙන අමාරු තැනකට වැටෙන්නේ.

ඇලිස්ටෙයාර් වැරදිකාරයාද, නැත්නම් එයා නිර්දෝෂීද කියලා හොයන්න යන චාලිට, හොලිවුඩ් ලෝකයේ විධායක නිලධාරීන්, පාසල් ගුරුවරු වගේම භයානක අපරාධකාරයොත් එක්කත් හැප්පෙන්න වෙනවා.

අන්තිමට මොකක්ද වෙන්නේ? චාලි ඇත්ත හොයා ගනීද? මේ අපරාධයේ ඇත්ත පිටිපස්සේ ඉන්නේ කවුද? බලන්නකො මේ mystery-comedy film එක. එතකොට උත්තරේ දැනගන්න පුළුවන්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
📥Direct download