Image Not Found

Lego Disney Princess: The Castle Quest (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයාලා හැමෝම ආදරය කරන ඩිස්නි කුමාරිකාවෝ සෙට් එකක් එකම ෆිල්ම් එකක හිටියොත් කොහොමද? හැබැයි මේක සාමාන්‍ය කාටූන් එකක් නෙවෙයි, ලෙගෝ (Lego) විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. Tiana, Moana, Snow White, Rapunzel සහ Ariel කියන කුමාරිකාවෝ පස්දෙනා එකතු වෙලා කරන ලොකු ඇඩ්වෙන්චර් එකක් තමයි මේකේ තියෙන්නේ.

කතාව පටන් ගන්නේ මේ කුමාරිකාවෝ පස්දෙනාව හදිසියේම අද්භූත බලකොටුවකට ගෙනියන එකෙන්. හැබැයි මේක නිකන්ම නිකන් මාලිගාවක් නෙවෙයි. මේක පිටුපස ඉන්නේ කවුරුත් දන්න දරුණු ගනයේ කෙනෙක්. ඒ තමයි Gaston. එයාට ඕන වෙලා තියෙනවා මුළු රාජධානියම එයාගේ පාලනයට ගන්න. ඒ වෙනුවෙන් එයා ලොකු කුමන්ත්‍රණයක් කරනවා. කුමාරිකාවෝ පස්දෙනාට සිද්ධ වෙනවා තමන්ගේ තියෙන එකිනෙකට වෙනස් දක්ෂතා පාවිච්චි කරලා මේ කරදරයෙන් බේරෙන්න.

ඔයාලා දන්නවා නේ මෝවානා කියන්නේ මුහුදට දක්ෂ කෙනෙක්, රපුන්සෙල්ට තියෙන්නේ දිග කොණ්ඩයක්. මේ හැමෝම තමන්ගේ “Girl Power” එක පෙන්නන්න මේකේ උත්සාහ කරනවා. ඉතින් මේ බලකොටුවේ තියෙන ප්‍රෙහේලිකා විසඳලා ගැස්ටන්ව පරද්දන්න මෙයාලට පුළුවන් වෙයිද? ලෙගෝ ලෝකයක මේ කුමාරිකාවෝ කරන සෙල්ලම් බලන්න නම් අනිවාර්යයෙන්ම මේක බලන්න ඕනේ. පොඩි අයට විතරක් නෙවෙයි, ඩිස්නි රසිකයෝ හැමෝටම මේක මරු අත්දැකීමක් වේවි.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download