Image Not Found

Level 16 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ඩිස්ටෝපියන් (Dystopian) වර්ගයේ ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නේ අමුතුම විදියක පාසලකින්, නැත්නම් ආයතනයකින්. මෙතන ඉන්නේ ගෑනු ළමයි විතරයි. මේ අයට එළියට යන්න තහනම්, අඩුම තරමේ ඉර එළිය වැටෙන්නවත් දෙන්නේ නෑ. මොකද මේ අයව හදන්නේ “පිරිසිදු” (Clean) අය විදියට. එයාලට උගන්වන්නේ කොහොමද කීකරු වෙන්නේ, කොහොමද ලස්සනට ඉන්නේ කියන දේවල් විතරයි. මේ අයගේ එකම හීනය තමයි කවදාහරි දවසක එළියේ ඉන්න පොහොසත් පවුලක් ඇවිත් එයාලව හදාගන්න අරගෙන යන එක. මේ හැමදේම පාලනය කරන්නේ මිස් බ්‍රික්ස්ල් කියන ටිකක් සැර පරුෂ කෙනෙක්.

කතාවේ ප්‍රධාන චරිතය විවියන්. එයා පොඩි කාලේ ඉඳලම යාළුවෙක්ව බේරගන්න ගිහින් දඬුවම් විඳපු කෙනෙක්. දැන් එයා ඉන්නේ Level 16 කියන අන්තිම අදියරේ. මේ ලෙවල් එකේදී එයාලට හැමදාම රෑට විටමින් කියලා බෙහෙතක් දෙනවා. දවසක් විවියන් මේ බෙහෙත බොන්නේ නැතුව ඉන්නවා. අන්න එදා තමයි එයාට ඇත්තටම මෙතන මොකද වෙන්නේ කියලා පේන්න ගන්නේ. රෑට රෑට මේ ළමයින්ව අරගෙන ගිහින් කරන දේවල් දැක්කම ඇඟ හිරිවැටෙනවා. ඇත්තටම මේ ළමයින්ව හදාගන්නද හදන්නේ? එහෙම නැත්නම් ඊට වඩා භයානක දේකටද මේ අයව සූදානම් කරන්නේ? විවියන් එයාගේ යාළුවත් එක්ක එකතු වෙලා මේ අපායෙන් පැනගන්න දරන උත්සාහය තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නේ. කුතුහලය පිරිණු, හුස්ම හිරකරගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක් හොයනවා නම් Level 16 කියන්නේ නියම තේරීමක්.

Director: Danishka Esterhazy
Cast: Katie Douglas, Celina Martin, Sara Canning, Peter Outerbridge

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.