Image Not Found

Local Color (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක කලාවට සහ ජීවිතේට ආදරේ කරන ඕනම කෙනෙක්ට හරිම ලස්සන අත්දැකීමක් දෙන ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ George Gallo විසින්. විශේෂම දේ තමයි මේක එයාගේ තරුණ කාලේ වුණු ඇත්ත සිදුවීමක් පාදක කරගෙන හදපු එකක් වීම. මේකේ ප්‍රධාන චරිත විදිහට Trevor Morgan (ජෝන් ලෙස), Armin Mueller-Stahl (නිකොලායි ලෙස) සහ Ray Liotta රංගනයෙන් දායක වෙනවා.

කතාව ගෙතෙන්නේ ජෝන් ටැලියා කියලා අවුරුදු 18ක තරුණ කොල්ලෙක් වටා. මිනිහාට පිස්සු වගේ ආසයි චිත්‍ර අඳින්න. හැබැයි එයාට ඕන නිකන්ම චිත්‍ර අඳින්න නෙවෙයි, සම්භාව්‍ය චිත්‍ර කලාව (Classical Realism) හරියටම ඉගෙන ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයා වටේ ඉන්න කවුරුත් එයාගේ මේ ආසාව තේරුම් ගන්නේ නෑ.

ඔහොම ඉන්නකොට මිනිහා දැනගන්නවා “නිකොලායි සෙරොෆ්” කියලා ප්‍රවීණ රුසියානු චිත්‍ර ශිල්පියෙක් ගැන. මෙයා කාලෙකට කලින් ලෝකෙම හොල්ලපු වැඩකාරයෙක් වුණාට, දැන් කලාව ගැන කලකිරිලා, කවුරුත් එක්ක ඇසුරක් නැතුව තනියම ජීවත් වෙන අමුතු, කේන්ති යන සීයා කෙනෙක්.

කොහොම හරි ජෝන් ලොකු ගේමක් ගහලා මේ සෙරොෆ් සීයා ගාවට යනවා ගෝලයෙක් විදිහට වැඩ ඉගෙන ගන්න. හැබැයි ගියාට පස්සේ වෙන්නේ ජෝන් හිතපු දේ නෙවෙයි. බුරුසුවක් අතට ගන්න දෙනවා වෙනුවට මේ සෙරොෆ්, ජෝන්ට දෙන්නේ වත්ත සුද්ද කරන්නයි, ගෙදර වැඩයි විතරයි. චිත්‍ර ගැන ඇහුවොත් බැනලා එලවගන්නවා.

ඇයි මේ සෙරොෆ් මෙච්චර කේන්තියෙන් සහ ලෝකෙත් එක්ක තරහෙන් ඉන්නේ?
මේ කේන්තිකාර සීයාගේ හිත දිනාගෙන ජෝන්ට එයාගේ හීනය හැබෑ කරගන්න පුළුවන් වෙයිද?

ජෝන් නිසා සෙරොෆ්ගේ ජීවිතේ වෙනස් වෙයිද?
මේ දෙන්නා අතර ඇතිවෙන අපූරු බැඳීම සහ ගැටුම් මැද, ජීවිතේ පාට (Local Color) හොයාගෙන යන ගමන දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.