Image Not Found

Lonely Hearts (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි

1940 ගණන්වල ඇමරිකාවේ හිටියා අමුතුම විදිහේ ප්‍රේමවන්තයෝ දෙන්නෙක්. එකෙක් තමයි රේමන්ඩ් ෆර්නැන්ඩස්. පොර පත්තරවල “Lonely Hearts” කියන දැන්වීම් තීරුවෙන් තනිකඩ, සල්ලි තියෙන කාන්තාවන් හොයාගෙන ගිහින්, එයාලව රවට්ටලා සල්ලි ගන්න කපටියෙක්.

එයාට හම්බවෙනවා මාර්තා බෙක් කියන නර්ස් කෙනෙක්. මාර්තා, රේමන්ඩ්ට පිස්සු වැටෙන තරමටම ආදරය කරනවා. දෙන්නා එකතු වෙලා මේ වැඩේ තවත් දරුණු විදිහට පටන් ගන්නවා.
දැන් මාර්තා රඟපාන්නේ රේමන්ඩ්ගේ නංගි විදිහට. එයාලා රට වටේ යනවා, අර තනිකඩ කාන්තාවන්ව මුලා කරනවා. හැබැයි, මාර්තාගේ තියෙන දැඩි ඊර්ෂ්‍යාව නිසා තත්ත්වය දරුණු වෙනවා.

මුලින් සල්ලි හොරකම් කරන්න පටන් ගත්ත මේ ගමන දැන් නවතින්නේ මරණවලින්!
මේ අතරේ, පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නවලින් පීඩා විඳින රොබින්සන් කියන පොලිස් රහස් පරීක්ෂකවරයාට මේ අමුතු මිනීමැරුම් මාලාව ගැන දැනගන්න ලැබෙනවා. මේ අපරාධ පිටිපස්සේ ඉන්න අර ආදරවන්තයෝ දෙන්නාව අල්ලගන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.