Image Not Found

Look Away (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක මරියා කියන පාසල් ශිෂ්‍යාවගේ කතාව. එයා හරිම ලැජ්ජාශීලී, පාසලේදී නිතරම කොන් වෙන කෙනෙක්. ගෙදරදීත් දෙමව්පියන්ගෙන් එතරම් ආදරයක් හෝ අවධානයක් ලැබෙන්නේ නැහැ. මරියාගේ ජීවිතය හරිම දුක්ඛිතයි.

ඔය අතරේ තමයි දවසක් එයාට තේරෙන්නේ කණ්ණාඩියෙන් පේන එයාගේ රුව සාමාන්‍ය එකක් නෙවෙයි කියලා. ඒ රුවට තියෙනවා තමන්ගේම පෞරුෂයක්! ඒක හරිම තේජවන්ත, ආත්ම විශ්වාසයෙන් පිරිච්ච කෙනෙක්.

මේ අද්භූත රුව මරියාට ආරාධනා කරනවා “ඔයාගේ දුක මට දෙන්න, අපි තැන මාරු කරමු” කියලා. මුලදී අදිමදි කළත්, අවසානයේදී පාසලේදී සිදුවන දරුණු නින්දාවකින් පස්සේ, මරියාට මේ යෝජනාව පිළිගන්න වෙනවා.

දැන් කණ්ණාඩිය ඇතුළේ හිටපු අඳුරු රුව එළියට ඇවිත්. මරියාගේ දුක් වේදනා නැති කරන්න පොරොන්දු වුණ මේ ‘අලුත් මරියා’ ඇගේ ජීවිතය උඩු යටිකුරු කරනවා.

කොන් කළ, වරද කළ හැමෝමගෙන් පළිගන්න පටන් ගන්න ඇය, මරියාට හිතාගන්න බැරි තරමේ දරුණු දේවල් කරන්න පටන් ගන්නවා.

දැන් ප්‍රශ්නේ මේකයි… කණ්ණාඩියට කොටු වුණු මරියාට ආයෙත් එළියට එන්න පුළුවන් වෙයිද? එළියේ ඉන්න ඇගේ අඳුරු රුව මේ හැමදේම නවත්තයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.