Image Not Found

Love in the Clouds (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි


Love in the Clouds (2025) කියන්නේ බලය, රැවටිලි, සහ හදවත ගැටෙන සුපිරි කතාවක්.
ෂඩ් ලෝකයේ ප්‍රබලම රණශූරියක් ඉන්නවා, නම මින් යී. එයා අවුරුදු ගාණක් අපරාජිතයි. හැබැයි, හිටිහැටියේම ආපු අමුතු කොල්ලෙක්, ඒ කියන්නේ සිරකරුවෙක් විදිහට හිටපු ජි බො සායි, මින් යීව පරද්දනවා.

අන්න එදා ඉඳන් ජි බො සායි අලුත්ම තාරකාව වෙනවා!
ඒත් මේ පරාජය මින් යීට දරාගන්න බැහැ. එයා කරනවා පුදුම වැඩක්… අර අහිංසක, ලස්සන නර්තන ශිල්පිනියකගේ වෙස් අරගෙන ජි බො සායි ළඟටම යනවා. ඇයි දන්නවද? ඇත්තටම එයාට ඕනේ මේ ජි බො සායිගේ රහස් හොයන්න.

දැන් ඉතින්, එක පැත්තකින් ජි බො සායි. අනිත් පැත්තෙන් රහසිගත මින් යී. දෙන්නම මුහුණු දෙකක් පෙන්නගෙන ඉන්නේ. මේ අතරේ තමයි දෙන්නා අතරේ ආදරයක් පටන් ගන්නේ.
දෙන්නාම එකිනෙකාට බොරු කරන්නේ, ඇයි? එයාලා අරමුණු වෙනස්ද? නැත්නම් ඒ රැවටිල්ල ඇතුළේ ඇත්තටම ආදරයක් හැදෙයිද? බලන්නම ඕන නේද මේ දෙන්නාගේ ‘වලාකුළු වල ආදරය’ කොහෙන් කෙළවර වෙයිද කියලා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.