Image Not Found

Maigret Maigret’s Dead Man (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඇත්තටම මේ කතාව පටන් ගන්නේ හරිම අමුතු විදිහට. මේක ටිකක් පෞද්ගලික සිද්ධියක් වෙනවා ප්‍රධාන පොලිස් පරීක්ෂක මැයිග්‍රේට (Maigret) ට.

එක්තරා දවසක කාර්යාලයට එනවා නොනවත්වාම දුරකථන ඇමතුම්. කවුදෝ කලබල වුණ මනුස්සයෙක් කතා කරලා කියනවා, ‘තමන් පස්සේ කවුදෝ එනවා, තමන්ව මරන්නයි හදන්නේ! උදව් ඕනේ!’ කියලා. මෙයා ඇමතුම නවත්වන්නේ නැතුව විවිධ කැෆේවලින් නැවත නැවතත් මැයිග්‍රේටව හොයනවා.

ඒත්… අවාසනාවට, මේ ඇමතුම් එකපාරටම නැවතිලා යනවා.
ඊට පස්සේ වෙන්නේ, අර මැයිග්‍රේට් එක්ක කතා කරන්න හැදූ මනුස්සයාගේ මළසිරුරක් පැරිස් නගරයේ පාරක තිබී හමුවීම. මූණ හඳුනාගන්න බැරි තරමටම විනාශ කරලා, පිහියෙන් ඇනලා තියෙනවා.

මැයිග්‍රේටට මේ සිද්ධිය හිතට වද දෙනවා. ඇයි මේ මනුස්සයා හරියටම තමන්වම හොයාගෙන කතා කළේ? තමන්ට එයාගේ ජීවිතේ බේරගන්න බැරි වුණා නේද? ඒ මනුස්සයා කවුද? ඇයි මෙයාව මැරුවේ?

මෙයාව මරලා තියෙන්නේ සාමාන්‍ය අපරාධකරුවෙක් නෙවෙයි වගෙයි. මේක පිටුපස ඉන්නේ බරපතල අපරාධ කල්ලියක් වෙන්න ඕනෙයි කියලා මැයිග්‍රේට් හිතනවා.

ඉතින්, ඔහුගේ අනිත් සියලුම වැඩ පසෙකට දාලා, මේ ‘තමන්ගේ මළමිනිසාගේ’ රහස හෙළිකරන්න මැයිග්‍රේට් තීරණය කරනවා. මේ මියගිය පුද්ගලයා කවුද කියලා හොයන්න යන ගමනේදී, නිකම්ම නිකම් මරණයක් විදිහට පෙනුන මේ සිද්ධිය, මුළු ප්‍රංශය පුරාම සිදුවන වෙනත් බිහිසුණු අපරාධ මාලාවක් එක්ක සම්බන්ධ වෙන්නේ පුදුම විදිහට.

මැයිග්‍රේට් මේ මියගිය මනුස්සයාගේ ජීවිතයට ඇතුළු වෙලා, මේ අභිරහස් ජාලය ලිහා ගන්නේ කොහොමද? බලමු.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.