
Marriage Story (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Noah Baumbach විසින්. ප්‍රධාන චරිත විදිහට අපි කවුරුත් දන්න ‘බ්ලැක් විඩෝ’ චරිතය කරන Scarlett Johansson සහ ‘Kylo Ren’ චරිතය කරන Adam Driver තමයි රඟපාන්නේ. මේ දෙන්නගේ රඟපෑම් ඇත්තටම හරිම විශිෂ්ටයි.
මේක චාලි සහ නිකෝල් කියන යුවළ ගැන කතාවක්. චාලි කියන්නේ නිව් යෝර්ක්වල ඉන්න සාර්ථක නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. නිකෝල් කියන්නේ එයාගේ බිරිඳ වගේම එයාගේ නාට්‍යවල ප්‍රධාන නිළිය. පිටින් බලන කෙනෙක්ට මේක හරිම ලස්සන, ආදර්ශවත් පවුලක් වගේ පෙනුණට, ඇතුළතින් මේ දෙන්නා අතර ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා.
කතාව පටන් ගන්නේම මේ දෙන්නා දික්කසාද වෙන්න තීරණය කරන තැනින්. මුලින් මේ දෙන්නා හිතාගෙන ඉන්නේ නීතිඥයෝ, උසාවි නැතුව සාමකාමීව වෙන් වෙන්න. හැබැයි දරුවාගේ අයිතිය සහ දේපළ ප්‍රශ්න එනකොට වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නෑ. පොඩි දේකින් පටන් ගන්න මේ ප්‍රශ්නය, දෙන්නගේම ජීවිත උඩු යටිකුරු කරන්නේ කොහොමද කියල තමයි මේකෙන් පෙන්නන්නේ.
මේක නිකම්ම දික්කසාදයක් ගැන කතාවක් නෙවෙයි; ආදරය කරපු දෙන්නෙක් කොහොමද එච්චරටම ආගන්තුක වෙන්නේ කියන එක හරිම සංවේදීව මේ චිත්‍රපටයේ පෙන්නනවා. අන්තිමට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
