
Match Point (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේකේ ප්‍රධාන චරිතය තමයි ක්‍රිස්. මෙයා පරණ ටෙනිස් ප්ලේයර් කෙනෙක්, දැන් ලන්ඩන් වල ටෙනිස් උගන්නනවා. කොහොමහරි මෙයාට ලොකු සල්ලිකාර පවුලක කොල්ලෙක්ව සෙට් වෙනවා. ඒ පවුල හරහා ක්‍රිස්ට ඒ කොල්ලගේ නංගිව, ක්ලෝයිව, සෙට් වෙනවා. ක්ලෝයි මෙයාට හොඳටම ලව්. ඉතින් ක්‍රිස් හිතනවා මේක තමයි ජීවිතේ ගොඩ දාගන්න තියෙන චාන්ස් එක කියලා.
හැබැයි, ඔතන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි නෝලා (Scarlett Johansson). නෝලා කියන්නේ අර කොල්ලගේ කෙල්ල. ඇමරිකාවෙන් ආපු, හරිම ආකර්ෂණීය කෙනෙ
ක්‍රිස්, ක්ලෝයිව බැඳලා සල්ලිකාර ජීවිතේට අඩිය තියන ගමන්ම, නෝලා එක්කත් සම්බන්ධයක් පටන් ගන්නවා. දැන් මෙයා දෙපැත්තකට හිරවෙලා. එක පැත්තකින් සැප පහසු ජීවිතේ, අනිත් පැත්තෙන් පිස්සු වට්ටන ආදරේ.
කතාව යන්නේ මෙතනින් එහාට. මේ රහස් සම්බන්ධය එළියට එන්න ලං වෙද්දී, ක්‍රිස් එයාගේ අලුත් ජීවිතේ බේරගන්න මොන වගේ තීරණයක් ගනියිද? මේ සෙල්ලමේදී දිනුම තීරණය කරන්නේ දක්ෂකමද? නැත්නම්… වාසනාවද?
