
May (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි
“මේ” කියන්නේ පුංචි කාලෙ ඉඳන්ම පෙනීමේ දෝෂයක් නිසා අනිත් අයගෙන් ඈත් වෙලා, තනි වෙලා ඉන්න තරුණියක්. ඈට ඉන්න එකම යාළුවා තමයි අම්මා දුන්නු, වීදුරු කූඩුවක දාලා තියෙන ‘සුසී’ කියන බෝනික්කා. අම්මා මේයට කියනවා, “තමුසෙට යාළුවෙක් හොයාගන්න බැරිනම්, හදාගන්න!” කියලා.
වැඩිහිටි වෙලාත් මේ තනියමම තමයි ජීවත් වෙන්නේ. ඈ වෙට් කෙනෙක් ළඟ සහායිකාවක් විදියට වැඩ කරනවා. දවසක් ඈට පාරේදී කොල්ලෙක්ව හම්බෙනවා, ඇඩම්ව. මේ, ඌගේ ලස්සන අත්වලට පිස්සු වැටිලා ඌත් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා. ඔය අතරේ මේ වැඩ කරන තැන ඉන්න කෙල්ලෙක් මේ ගැන උනන්දු වෙනවා.
හැබැයි මේගේ අමුතු හැසිරීම් නිසා ඇඩම් ඈව දාලා යනවා. අනිත් කෙල්ලත් ඈව රිජෙක්ට් කරනවා. මේ මේ හැමදේකින්ම හිත තදින්ම කඩා වැටෙනවා.
ඔය අතරේ බෝනික්කාටත් පොඩි අවුලක් යනවා. මේට දැන් තදින්ම තේරෙනවා, තමන්ට ඕනෙ විදිහේ ‘පරිපූර්ණ යාළුවෙක්’ කවදාවත් ඇත්තටම හම්බෙන්නේ නෑ කියලා.
අන්තිමට, ඈට අම්මා පුංචි කාලේ දුන්න උපදෙස මතක් වෙනවා… තමන්ට යාළුවෙක් හදාගන්න.
ඊට පස්සේ… ඈ ඒ වැඩේ පටන් ගන්නවා. හැබැයි මේ හදන යාළුවා හදන විදිහ නම් ඇත්තටම භයානකයි. මොකද ඈට ඕනෙ වෙන්නේ ‘ලස්සනම කොටස්’ එකතු කරලා ‘පරිපූර්ණ’ කෙනෙක් හදන්නනේ!
කවුද මේගේ පළමු ගොදුර වෙන්නේ? මේට තමන්ගේ සිහින යාළුවාව හදාගන්න පුළුවන් වෙයිද? බලලම දැනගන්නකෝ.
