Image Not Found

Meet Cute (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ෂීලා (Sheila) කියන තරුණිය දවසක් හදිස්සියේ දැනගන්නවා ටැනින් බෙඩ් එකක් (tanning bed) ඇත්තටම කාල යන්ත්‍රයක් (time machine) කියලා. ඉතින් එයා තීරණය කරනවා මේක පාවිච්චි කරලා, ගැරී (Gary) කියන කොල්ලා එක්ක තමන්ගේ පළවෙනි හමුවීම (meet cute) හැමදාම අලුතෙන් අත්විඳින්න.

ගැරීව මුලින්ම මුණගැහුණු දවස ෂීලාට ජීවිතේ තියෙන ලස්සනම දවස වෙනවා. ඒ නිසා එයා එකම දේ, එකම හමුවීම, මාස ගාණක් තිස්සේ ආයෙ ආයෙත් රඟදක්වනවා. එයාට ඕන වෙන්නේ ඒ දවස හැමතිස්සෙම ‘පරිපූර්ණ’ විදියට තියාගන්න.

ඒත්… ටික කාලෙකින් ෂීලාට හිතෙනවා, ගැරීගේ ජීවිතේ තිබුණු අඩුපාඩු ටිකක් වෙනස් කළොත්, ඒ හමුවීම තවත් ලස්සන වෙයි කියලා. එයා කාල යන්ත්‍රය පාවිච්චි කරලා, ගැරීගේ අතීතයට යනවා!

දැන් තියෙන ප්‍රශ්නේ තමයි, තමන් ආදරේ කරන කෙනාව තමන්ට ඕන විදියට වෙනස් කරන්න ගියාම, එයා තාමත් කලින් හිටපු කෙනාම වෙයිද? නැත්නම්… ඒ ආදර කතාවට වෙනම අවසානයක් ලැබෙයිද? බලන්නකෝ එහෙනම් මේ අමුතු ආදර කතාව!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.