Image Not Found

මිස් පෙරෙග්‍රීන්ස් හෝම් ෆෝ පෙකියුලියර් චිල්ඩ්‍රන් යනු ටිම් බර්ටන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මනඃකල්පිත චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය රැන්සම් රිග්ස්ගේ 2011 නවකතාව මත පදනම් වේ. කතාවේ ප්‍රධාන චරිතය ජේකබ් පෝට්මන් (ආසා බටර්ෆීල්ඩ්) වන අතර ඔහු තම සීයා වන ඒබ්‍රහම් (ටෙරන්ස් ස්ටෑම්ප්) ගේ කතා වලින් ආභාෂය ලැබූ අද්භූත අනාථ නිවාසයක් සොයමින් පිටත් වේ.

කතාව ආරම්භ වන්නේ ජේකබ්ගේ ළමා කාලය තුළ, ඔහුගේ සීයා විශේෂ බලතල ඇති සුවිශේෂී දරුවන් පිළිබඳ කථා ඔහුට පවසන විටය. ජේකබ්ගේ සීයා අභිරහස් ආකාරයකින් මිය යන විට, ජේකබ්ට තම සීයාගේ මරණය පිටුපස ඇති අභිරහස දැන ගැනීමට ආශාවක් ඇති වේ. ඔහු තම පියා සමඟ වේල්සයේ කුඩා දූපතකට යන අතර එහිදී ඔහුට මිස් පෙරෙග්‍රීන් (ඊවා ග්‍රීන්) අනාථ නිවාසය හමු වේ.

ජේකබ් අනාථ නිවාසයට ළඟා වූ විට, දෙවන ලෝක යුද්ධ සමයේදී බෝම්බ ප්‍රහාරයකින් එම ස්ථානය විනාශ වූ බව ඔහු සොයා ගනී. නමුත් ඔහු එහි ඇතුළු වූ විට, ඔහුගේ සීයාගේ කතාවල විස්තර කර ඇති දරුවන් ජීවතුන් අතර සිටිනු ඔහු දකී. මෙම දරුවන් අද්විතීය හැකියාවන් ඇති අය වෙති, එක් දරුවෙකුට වාතයේ පියාසර කළ හැකි අතර තවත් දරුවෙකුට ගින්න පාලනය කළ හැකිය. පෙරෙග්‍රීන් මෙනවිය මෙම දරුවන් රැකබලා ගන්නා අතර ඔවුන් ආරක්ෂිතව තබා ගැනීමට කාලය පාලනය කිරීමේ හැකියාව ඇත.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.