
Mongol: The Rise of Genghis Khan (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ඇත්තටම අපේ දැවැන්ත නායකයෙක් වුණු තෙමුජින් (Temujin) චින්ගීස් ඛාන් බවට පත් වුණු විදිය ගැන කතාව.
කතාව පටන් ගන්නේ අවුරුදු නවයේ පොඩි කොල්ලෙක් විදියට. එයාගේ තාත්තා එයාව එක්කගෙන යනවා අනාගත බිරිඳ තෝරගන්න. එතනදී තමා එයා බෝර්තේ (Börte)ව හම්බවෙන්නේ. පොරොන්දු වෙනවා අවුරුදු පහකින් ඇවිත් බඳිනවා කියලා.
හැබැයි ඊට පස්සේ ජීවිතේ ලේසි වෙන්නේ නෑ. තාත්තා මැරෙනවා. එයාට පොඩි කාලේ ඉඳන්ම පණිවිඩ ලැබෙන්නේ පීඩා, නින්දා, දරිද්‍රතාවය විතරයි. එයාට වහලෙක් විදියටත් ඉන්න වෙනවා. ජීවිතේ හැම අතින්ම වැටිලා ඉද්දි, යාළුකම ගැන දිවුරපු කෙනෙක්ගෙන් පවා ද්‍රෝහිකම් වලට මුහුණ දෙන්න වෙනවා.
දැන් මෙයාගේ එකම ඉලක්කය තමයි හැම පීඩාවක්ම දරාගෙන, බෝර්තේව බේරගෙන, මොංගල් ගෝත්‍රිකයන්ව එකම නායකයෙක් යටතට ගේන එක. හැබැයි ඒ ගමන නම් ලේසි නෑ. ලොකු ලොකු සටන්, දේශපාලන කුමන්ත්‍රණ ගොඩකට මුහුණ දෙන්න වෙනවා.
මේ අමාරු ගමනින් තෙමුජින් කොහොමද ලෝකයේම ඉතිහාසය වෙනස් කරපු චින්ගීස් ඛාන් බවට පත් වෙන්නේ කියන එක තමයි මේ කතාවේ තියෙන්නේ. බලන්න, මේ වීරයා කොච්චර දේවල් විඳදරාගෙන මේ තරම් බලවතෙක් වුණාද කියලා!
