Image Not Found

Most Wanted (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේකේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එකක් තමා ඩැනියෙල්, අනිත් කෙනා වික්ටර්.
ඩැනියෙල් කියන්නේ පොඩි පොඩි වැරදි කරන, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අසරණ කොල්ලෙක්. ඌට ඕන වෙනවා මේ නරක පුරුදු අතෑරලා අලුතින් ජීවිතයක් පටන් ගන්න. ඒත්… දෛවය එහෙම වෙන්න දෙන්නේ නෑ.

අමුතුම විදිහේ කුමන්ත්‍රණයක් නිසා ඩැනියෙල්ව අහුවෙනවා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට. ඒකට අතේ තියාගෙන ඉන්නේ රහස් පොලිසියේ කපටි නිලධාරීන් කිහිප දෙනෙක්.

අන්තිමට වෙන්නේ ඩැනියෙල්ව අත්අඩංගුවට අරගෙන, ඌ කිසිම දේකට සම්බන්ධ නැති වුණත්, තායිලන්තයේ හිරේට යවන එක. එතනදී ඌට අවුරුදු 100ක සිර දඬුවමක් නියම වෙනවා. හිතාගන්න පුළුවන්ද ඒ දුක!

මෙන්න මේ වෙලාවෙයි දෙවැනි ප්‍රධාන චරිතය එන්නේ – වික්ටර්, දක්ෂ විමර්ශන පත්තරකාරයෙක්.

වික්ටර්ට මේ කේස් එක ගැන පුදුම හිතෙනවා. කොහොමද මේ පොඩි කොල්ලෙක් මේ තරම් බරපතල අපරාධයකට හිරේ යන්නේ කියලා.
ඌ පටන් ගන්නවා සත්‍යය හොයන්න. ඒත්, ඒක ලේසි වෙන්නේ නෑ. මොකද රහස් පොලිසියේ නිලධාරීන්, ඒ වගේම රජයේ උසස් නිලධාරීන් හැමෝම එකතු වෙලා මේ කතාව යටගහන්න හදනවා.

දැන් තියෙන්නේ ප්‍රශ්නය… මේ අසරණ ඩැනියෙල්ව බේරගන්න වික්ටර්ට පුළුවන් වෙයිද? නැත්තම් මේ දරුණු කුමන්ත්‍රණයට යටවෙලා, ඩැනියෙල්ගේ මුළු ජීවිතේම හිරගෙදරකට සීමා වෙයිද?

අන්න ඒක තමයි ඔයාලා චිත්‍රපටිය බලලා දැනගන්න ඕනේ! මේක හදන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන් කියලා මතක තියාගන්න!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.