Image Not Found

Muppets Haunted Mansion (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයාලා හොල්මන් කතාවලට ආසයිද? හැබැයි බය වෙන්න නෙවෙයි, හිනාවෙන්න! Muppets ලා කියන්නේ ඉතින් කොහොමත් විහිළුකාරයෝ රොත්තක්නේ. හැබැයි මේ සැරේ වැඩේ ටිකක් සීරියස් වෙන්නයි යන්නේ. කතාවේ ප්‍රධානියා වෙන්නේ අපේ Gonzo. මිනිහා තීරණය කරනවා හැලොවීන් (Halloween) දවසේ රෑ ලෝකයේ තියෙන දරුණුම, බය හිතෙනම තැනක රෑ ගත කරන්න. ඒ තමයි “Haunted Mansion” එක.

Gonzo තනියම නෙවෙයි යන්නේ, එයාගේ හොඳම යාළුවා Pepe වත් එක්කගෙනයි යන්නේ. හැබැයි මේක නිකම්ම නිකන් ගෙයක් නෙවෙයි. මේ මන්දිරය ඇතුළේ අමුතුම විදියේ දේවල් වෙන්න ගන්නවා. මැරුණු අයගේ ආත්ම, අමුතු සද්ද බද්ද, තව මදිවට දොරවල් තනියම ඇරෙනවා වැහෙනවා. මන්දිරයේ ඉන්න හොල්මන් එක්ක රෑ පුරාම Gonzo ට ගේමක් ගහන්න වෙනවා එළිවෙනකම් බේරිලා ඉන්න.

මුළු චිත්‍රපටය පුරාම තියෙන්නේ මරු හාස්‍යජනක සිද්ධි මාලාවක්. Gonzo ට පුළුවන් වෙයිද තමන්ගේ බය පාලනය කරගෙන මේ අභියෝගය ජය ගන්න? නැත්නම් එයා සදහටම මේ හොල්මන් මන්දිරයේ හිරවෙයිද? Muppets ලගේ සුපුරුදු සින්දු, විහිළු එක්ක මේක පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. අවසානය වෙනකම්ම කුතුහලයයි හිනාවයි දෙකම තියෙනවා. ඉතින් බලන්නම වටින එකක් තමයි මේක.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.