Image Not Found

My Blueberry Nights (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අද කියන්න යන්නේ හරිම ලස්සන, ටිකක් හිතට වදින විදියේ චිත්‍රපටයක් ගැන: My Blueberry Nights (2007).

මේක අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසිද්ධ Wong Kar-wai (වොන්ග් කා-වායි). නළු නිළියන් විදිහටත් සුපිරි සෙට් එකක් ඉන්නවා. ප්‍රධාන චරිතය කරන්නේ ජනප්‍රිය ගායිකාවක් වන Norah Jones (නෝරා ජෝන්ස්). ඒ වගේම Jude Law (ජූඩ් ලෝ), Natalie Portman (නැටලි පෝට්මන්) සහ Rachel Weisz (රේචල් වයිස්) වගේ අයත් මේකේ ඉන්නවා.

කතාව පටන් ගන්නේ එලිසබෙත් (නෝරා) ගෙන්. එයා ලොකු ‘බ්‍රේක්අප්’ එකකින් පස්සේ හිත හොඳටම කැඩිලා, හරිම දුකෙන් ඉන්න තරුණියක්. රෑ දවසක එයා නිකමට වගේ නිව් යෝර්ක් වල තියෙන පොඩි කැෆේ එකකට ගොඩ වෙනවා. එතන අයිතිකාරයා තමයි ජෙරමි (ජූඩ් ලෝ).
ජෙරමි ළඟ අමුතු භාජනයක් තියෙනවා. ඒකේ තියෙන්නේ මිනිස්සු දාලා ගියපු, ආයේ කවදාවත් හොයාගෙන එන්නේ නැති ගෙවල්වල යතුරු. එලිසබෙත් හැමදාම රෑට එතනට එනවා, ජෙරමිත් එක්ක කතා කරනවා, කවුරුත් වැඩිය කන්නේ නැති ‘බ්ලූබෙරි පයි’ කෑල්ලක් කනවා.

ඒත් එකපාරටම එලිසබෙත් තීරණය කරනවා මේ හැමදේම දාලා, තමන්ව හොයාගෙන ගමනක් යන්න. එයා ඇමරිකාව වටේ යනවා, එක එක තැන්වල වේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ ගමනේදී එයාටත් එයාව වගේම හිත කැඩිච්ච, ජීවිතේ අතරමං වෙච්ච විවිධ මිනිස්සු හම්බවෙනවා.

එලිසබෙත් මේ හැමෝගෙන්ම මොනවා හරි ඉගෙන ගන්නවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ, මේ ගමන ඉවර වෙලා එයා ආපහු නිව් යෝර්ක් වලට එයිද? එයා එනකල් ජෙරමි තාමත් ඒ කැෆේ එකේ අන්තිම බ්ලූබෙරි පයි කෑල්ල තියාගෙන බලාගෙන ඉඳීවිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.