Image Not Found

My Cousin Rachel (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

දකුණු එංගලන්තයේ විශාල වතුයායක හැදී වැඩෙන පිලිප් කියන තරුණයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. පිලිප්ව හදාගන්නේ ඔහුගේ වැඩිමල් ඥාති සහෝදරයා වන ඇම්බ්‍රෝස්. හැබැයි ඇම්බ්‍රෝස් අසනීප වෙලා ඉතාලියට ගියාම, එහේදී රේචල් කියන ඔවුන්ගේම ඈත නෑදෑ කාන්තාවක්ව විවාහ කර ගන්නවා.

මුලදී සතුටින් ලියුම් ආවත්, ටික කලකින් ඇම්බ්‍රෝස්ගේ ලිපිවල භීතියක් සහ සැකයක් පිරී යනවා. රේචල් තමන්ට වස දීලා මරන්න හදනවා කියලයි ඔහු ලියන්නේ.
ඊට පස්සේ ඇම්බ්‍රෝස් මැරෙනවා!

මේක අහපු ගමන් පිලිප්ට ඇතිවෙන්නේ මහ පුදුම කේන්තියක්. රේචල් තමයි මේකට වග කියන්න ඕනෑ කියලා හිතාගෙන, ඔහු පළිගන්නවා කියලා දිවුරනවා.
හැබැයි, රේචල් පිලිප්ගේ වතුයායට එනවා. මුලින් පළිගන්න හිටියත්, ඇයව දැක්ක ගමන්, පිලිප්ට ඇගේ සුන්දරත්වයටයි, චමත්කාරයටයි වශී වෙනවා. ඔහුගේ සැකය ටිකෙන් ටික නැති වෙලා යනවා.

ඒත්… ඇම්බ්‍රෝස් ලෙඩ වුණා වගේම, පිලිප්ටත් අමුතු විදිහේ අපහසුතා ඇති වෙන්න පටන් ගන්නවා. දැන් ප්‍රශ්නය මේකයි: රේචල් ඇත්තටම අහිංසකද? එහෙමත් නැත්නම්, ඇය පිලිප්ටත් රහසිගතව වස දෙන, තවත් මිනීමරුවෙක්ද?

පිලිප්ට රේචල් ගැන ආදරය දැනුණත්, ඔහුගේ මනසට සැකය කියන දේ නිතරම වද දෙනවා. ඇත්තටම මේ කාන්තාව කවුද? ඇගේ ඇත්ත අරමුණ මොකක්ද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.